Heal #3

417 62 119
                                    

Check up

____________________________________

සන්සුන් අඩි සද්දයක් විතරක් ඇහෙන මුලු හෝල් එකම මීක් නැතිවෙද්දි කැප්ටන් විවියානාගෙ හුස්ම වදින මායිමට ලංවුනේ විවියානාගෙ රතුවුන මූන දිහා එක කෙලින් බලාගෙන.

"පෝලිම් පැන්නට කමක් නෑනේද ඩොක්ටර් ??"

තමන් ඉස්සරහ තියෙන පුටුව එක අතකින් අල්ලලා විවියානා දිහාට ඇස් යොමුකරමින් කැප්ටන් ඇහුවේ අවසරයක් නැතුව ඉදගන්න එක හිතට හරි මදිනිසා.

"අහ්??"

"චෙක් අප්!!"

"ඔහ්..ක..ම..කමක් නෑ කැප්ටන්.ප්ලිස් ටේක් අ සීට්!!"

මේ ලෝකෙ සිහියට ආපු විවියානා කම්මුල් දෙකත් තදකරලා අල්ලලා හුස්මක් අරගෙන ඉදග්ත්තේ කැප්ටන්ගෙ චෙක් අප් එක පටන් ගන්න.

"මම කැප්ගේ ඕවරෝල් බැලුවට ඇස් බලන්නේ ඩොක්ටර් මින්."

"Fine."

"කැප්ගේ අතේ ඇගිලි මිටමොලවලා අනික් අතට  සැහැල්ලුකරන්න."

බ්ලඩ් ප්‍රෙශර් බලන්න විවියානා ජන්කුක්ට උපදෙස් දෙද්දි කියන විදිහටම ජන්කුක් එදෙවල් කරේ සැරින් සැරේ විවියානා දිහාත් බලාගෙන.

"ම්ම් ප්‍රශ්නයක් නැ.ඊලගට හාට් බීට්!!"

කැරකෙන පුටුවෙන් බිමට කකුලක් තියලා පොඩ් තල්ලුවක් දාගත්ත විවියානා ජන්කුක්ගෙ ඉස්සරහ නතර වෙලා වෙද නලාව ඒ පපුවෙන් තිබ්බේ මෙච්චර වෙලා සන්සුන්ව හිටිය කැප්ගේ මනසත් අවුල් කරමින්.

"කැප්ටන් මොකකට හරි බයවෙලාද?"

"අහ්?"

විවියානා අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නවත් ජන්කුක්ට සිහියක් නොතිබ්බෙ එච්චරටම ලග ඉදන් කෙල්ල අහන ප්‍රශ්නවලට උත්තර දෙන එකත් අපහසුවක් විදිහට දැනුන නිසා.

"හාට් බීට් එක ගොඩක් ෆාස්ට්.එක්කො බයවෙලා නැත්නම් තුවාලෙ පෑරිලා නැත්නම් .....!!"

Heal ~Jjk ᶜˡᶦᶜᵏ ˢ² ✔Where stories live. Discover now