Final Heal

764 79 188
                                    

Restart

______________________________________

"මං හිතුවෙ මගෙ ඇබ්බැහිය තියෙන්නේ ලැවෙන්ඩර්වල කියලා.එ සුවදෙ කියලා,ඒත්...!!"

සොහොන් කොතක් දිහා බලන් අතෙ තිබුන එක මල් පොකුරක් එ මතින් තියපු විවියානා හුස්මක් ගත්තේ උගුරකට හිරකරන් කදුලුබිංදු එලියට පනින්න ආපු නිසා

"ඒත් ඒ ඔයා කියලා මම දැනන් හිටියෙ නෑ.!!"

දනහිස මත තිබුන කොට කලිසමේ දාරය තදින් අල්ලගෙන විවියානා ඔලුව පහලට බරකරගත්තේ ඉකියක් හීන් සීරුවෙ බිදෙද්දිමයි..

"මං මගෙම සොහොන දිහා බලන් ඉන්න තරම් කොයි ආත්මෙද පව්කරේ !!"

තමන් ඉන්න තැනම අඩියක් එහාට වෙන්න තියෙන අනික් කොත දිහා බලන් ඉන්නගමන් විවියාන  මිමිනුවෙ හිස් හැගිමෙන්.

සොහොන් කොත් ලගින් ඉටිපන්දම් පත්තුකරපු විවියානා සොහොන් කොත් තුනම ලගින් මල් පොකුරු තියලා නැගිට්ටේ තව වෙලා එතන ඉන්න තරම් හයියක් නැතිනිසා..

හුස්ම ගන්න අමාරුවගෙ දැනෙන නිසාම තමන් අරන් ආපු බෑග් එකෙන් ඉන්හේලර් එක අරගෙන ඒක අල්ලපු විවියානා ජියොන් බංගලාව ඇතුලට ගියේ එකපාරට කොහෙන්දො කඩාපත්වුන වැස්ස නිසා...

ඔව්
විවියානා ඉන්නෙ සෝල්වල
විවියානා දැනට අවුරුදු තුනක් තිස්සෙ මාස තුනෙන් තුනට මේ බංගලාවට එන එක පුරුද්දක් කරගත්තා...

සිඩ්නිවල ඉන්න එක දවසකවත් හරිහැටි නින්දක් නොලැබෙද්දි ජියොන් බංගලාවෙ ගෙවෙන හැම තප්පරයකම විවියානාට පුන්චිම හො සැනසිමක් දැනුනා..

ඒත් සැරින් සැරෙ එ බංගලාවෙ ගෙවපු ජීවිතේ , එ හිනාවල් මතක් වෙද්දි විවීයානා කලින්ට වඩා අඩපණ වෙලා ගියේ හරි ඉක්මනට

බංගලාවෙ කලින්ට වඩා අමුත්තක් දැනුනත් හුරුපුරුදු සුවදක් දැනුනත් ඒ හැමදෙයක්ම හිතෙ මැවෙන දෙවල් ගානට දාපු විවියානා සුපුරුදු ලෙස ඇවිදගෙන ගියේ බංගලාවෙ උඩ තට්ටුවෙ අයිනෙම තිබුන ආර්ට් රූම් එකට..

අදටත් එ කාලෙ ජන්කුක් ඇදපු සිතුවම්වලින් එ කාමරේම ලස්සන වෙලා තියෙන විදිහ විවියානාගෙ ඇස්වලට අහුවෙද්දි කලින් නොදැක්ක අලුත් සිතුවමක් පවා එ අතරෙ තියෙන බව විවියානා දැක්කා

Heal ~Jjk ᶜˡᶦᶜᵏ ˢ² ✔Where stories live. Discover now