Painful Tears
______________________________________මාසයකට පසු
ලැවෙන්ඩර් මල් ගොමුව දිහා හරිම සැහැල්ලුවෙන් බලන් හිටිය පුන්චි දොස්තර නෝනා එහෙමම බිමට නැමිලා හූඩියෙ සාක්කුවෙ තිබුන අතක් එලියට අරගෙන ලැවෙන්ඩර් මල් කිනිත්තක් කඩාගත්තේ ඒක දැන් තමන්ටම අයිතිබව දන්න නිසාවෙන්
මල් කිනිත්ත අතට අරගෙන එහෙමම ඇවිදන් ආපු විවියානා එ සිහියෙන් මෙ සිහියට ආවේ කටහඩක් නිසාවෙන්
"විවී පැටියො,කොෆි ඕ හොට් චොකලට්?"
ඒ ප්‍රශ්නෙත් එක්කම තොල් දෙක තදකරගත්ත විවියානා ඒ ප්‍රශ්නය අහපු මැදිවියෙ කාන්තාව දිහා බලන් හිටියෙ හරියට උත්තරයක් ඔනෙමද වගෙ බැල්මෙන්
"ආහ්හ් මම දන්නවා.ඒකනෙමේ ඔය මල්??"
කෙල්ලගෙ කම්මුලක් හිමින් සීරුවෙ තදකරපු කාන්තාව විවියානාගෙ අතෙ තිබුන මල් කිනිත්ත දිහා බලලා ඇහුවේ විවියානාගෙ කම්මුල් රෝසපැහැයට හරවමින්.
"එයා ආසදේවල්වලට එයා සෙන්සිටිව් වෙනවා මමා.ඉතින් එයා ආස දෙවල් එයා ලගින් තියන්න ඔනෙ..!!"
කෙල්ල මල් කිනිත්තෙ පුන්චි දගකාර ලැවෙන්ඩර් මල් දිහා බලන් කිව්වෙ හරියටම එ දේ තමන් දන්න නිසාවෙන්..
"දොස්තරනෝනාගෙ නිගමනෙනම් හරි.ඒත් තියන දෙයයි වැරදි!!"
"වැරදී?? ඇයි ජන්කු ආස මේවට නෙමෙද?"
තරමක් පුදුම නොසන්සුන් මුහුනෙන් යුතුව විවියානා තමන්ගෙ ප්‍රශ්නය යොමුකරේ බෝලවුන ඇස් යුගලත් සමග...
"මෙහෙම හිතුවොත්, එයා ඇයි ලැවෙන්ඩර්වලට ආස!!"
මැදිවියෙ කාන්තාව විවියානාගෙ ප්‍රශ්නෙට ප්‍රශ්නයකින් උත්තර දෙද්දි විවියානා තමන්ගෙම තොල් හපාගත්තේ තමන් උත්තරෙ සම්පුර්ණයෙන් දන්න නිසාවෙන්..
"ආශ් මෙන්න මෙ කෙල්ල රතුවෙනවා..!!"
"අනේ යේවා මමා...!!"
කෙල්ල රතුවුන මූන මැදිවියෙ කාන්තාව උන යේවාගෙ පපුවෙ ගහගත්තේ යේවාගෙ ඇගිලි එ සිනිදු හිසකෙස් අතරෙ එහෙමෙහෙ දුවද්දිමයි.
YOU ARE READING
Heal ~Jjk ᶜˡᶦᶜᵏ ˢ² ✔
Fanficනිල් ජල කදට පෙම් කරන ඔහුගේත්, ජීවීතවලට හුස්ම ලංකරන ඇයගේත්, අවසානය ලේ පැල්ලමක් වූ අතීත ආදරයේ , දෙවෙනි ඇරඹුම...!! Started date: 2024.04.18 Ending Date : 2024.06.30 Dedicated to Jeon Jeong-guk Enjoy ©ookies