Tears
______________________________________
"ඒ ඔයාමයි , අහ්හ්...මගෙ ලැවෙන්ඩර්!!"
පපුව තදින් මිරිකගන්න ගමන් ඇස්වලින් ගලන කදුලු අස්සෙ ජන්කුක් සතුටුවෙන්නද දුක්වෙන්නද කියලා හිතාගන්න බැරිතැනක හිරවුනා.
විවියානාගෙ කටහඩ ඇහුන සැනින් අඩන එක අමාරුවෙන් නතර කරපු ජන්කුක් මූනත් සෝදගෙන මොකුත් නොවුන ගානට සාලෙට ආවෙ ගෙදර ලගින් නතරකරනවා ඇහුන ජිප් එකෙ සද්දෙත් එක්කමයි.
"ඔහ් මමා ආවා ජන්කු!!"
කුකිස් එකක් ජන්කුක්ගෙ කටෙ ඔබන ගමන් පුදුම සතුටකින් උඩපනින ගමන් විවියානා දුවගෙන ගියේ යේවාව පිලිගන්න හිතාගෙන.
පොඩි ලමයෙක් වගෙ දගලන ගමන් හිනාවෙන විවියානා දිහා බලාගෙනම විවියානා කටෙ ඔබපු කුකි එකත් කන ගමන් ජන්කුක් දොර දිහාවට ආවෙ විවියානා වෙත එල්ලවුන තමන්ගෙ බැල්ම අයින් නොකරමයි
කෙල්ල දොර අරින්න යද්දිම කෙල්ලගෙ අත උඩින්ම අත තියපු ජන්කුක් කෙල්ලත් එක්කම දොර ඇරියෙ විවියානාගෙ මුලු ඇගම හිරිවට්ටමින්.එත් එ හැගිම ගැන නොහිතම අත පසෙකට ගත්ත විවියානා තමන් ඉස්සරහ ඉන්න යේවා දිහා බලලා හිනාවෙලා අඩියක් දෙකක් ඉස්සරහට දුවගෙන ගියෙ හරි යුහුසුලුව.
"හැපි බර්ත්ඩේ යේවා මමා...!!"
තමන්ව විවියානා විසින් බදාගත්ත නිසා වගෙම අවුරුදු ගානකට පස්සෙ තමන්ගෙ උපන්දිනෙ දවසෙ ලැබුන උපන්දින සුබපැතුම නිසාත් යේවානම් හිටියෙ පුදුමයෙනුත් පුදුම වෙලා
"ඉ..වි...!!"
මොකක්දො හේතුවකට යේවාට පරන මතකෙක නමක් කියවෙද්දි යේවාගෙ තුරුලෙ උන්නු විවියානා යේවාගෙන් ඈත්වුනෙ මූනත් කොරහක් කරගෙන
"මොකක්ද යේවා මමා!! ඔයත් පටන් ගත්තද? ඉස්සෙල්ලා ජන්කූ ඔය නමෙන්ම මට කතාකරා.මම විවියානා අනෙ ඉවියානා නෙමෙයි!!"
කෙල්ල මූනත් වාහනෙට යටවුන තක්කාලි ගෙඩිය වගෙ කරගෙන විවියානා අඩි හප්ප හප්ප පොඩි එකෙක් කම්ප්ලෙන් කරනවා වගෙ කියද්දි යේවාට ,ටේහ්‍යුන්ට වගෙම ජන්කුක්ටත් හිනා ගියෙ ක්ශනිකව.ඒත් යේවාට වගෙම ටේහ්‍යුන්ටත් අමුත්තක් දැනුනෙ "ඉවි" කියන නමෙන් ජන්කුක් කතාකරා කිව්ව දෙ නිසාවෙන්
YOU ARE READING
Heal ~Jjk ᶜˡᶦᶜᵏ ˢ² ✔
Fanfictionනිල් ජල කදට පෙම් කරන ඔහුගේත්, ජීවීතවලට හුස්ම ලංකරන ඇයගේත්, අවසානය ලේ පැල්ලමක් වූ අතීත ආදරයේ , දෙවෙනි ඇරඹුම...!! Started date: 2024.04.18 Ending Date : 2024.06.30 Dedicated to Jeon Jeong-guk Enjoy ©ookies