28 කොටස

994 84 7
                                    


" හම්මෝ යකෝ බඩ පිරිලා බන්.. "

" පිස්සුද යකෝ මේ පැත්තේ එලම බත් දන්සලට තාම ගියෙත් නෑ රෙද්ද.. දන්සල් තුනකින් කාල බඩත් පිරුනද සයාශ් උබේ.. "

බත් දන්සල් තුනක්ම වැදලා අතරින් පතර තිබ්බ බීම දන්සල් අයිස්ක්‍රීම් දන්සල් ටිකකටත් ගිහින් අපි ගියේ ටවුමට අපේ ටවුමේ තමා පැත්තෙ තියෙන ලොකුම තොරණ ගහන්නෙ ඕකත් බලාගෙන සුරවීර මාමලගේ බත් දන්සලටත් යන්න තමා ප්ලෑන.. සුරවීර මාමගේ බත් දන්සලේ බත් පට්ටලු ෆරුකයා තමා කිව්වෙ.. මට නම් ෆුල් වෙලා හිටියේ.. මායි අයානුයි සෙට් එකේ පිටිපස්සෙන් ගියේ.. රාජා මල්ලි කිව්ව ෆරුකයට අපි දෙන්න ගැන පොඩි මෙව්ව එකක් තේරිලා තියෙන්නෙ කියලා ඒත් අර විදියේ දෙයක් නෙවේලු.. ඔය අස්සෙ නුවීත් මගේ ඇගේ එල්ලෙන්න එනවා මන් ශේප් එකේ ඒකිව මගාරිනවා.. අපි ටවුමට ආව මට නම් බත් කන්න බෑ දැන්.. අයාන්ටත් ෆුල් වෙලා තිබ්බෙ රාජටත් ෆුල් ඒක නිසා අපි තොරණ බලන්න කලින්ම ගියා ෆරුකයයි කෙල්ලො ටිකයි එතනම තිබුණ දන්සලට ගිහින් කාල එනකම් අපි තුන් දෙනා එතන හිටියා..

" ෆරුක් අයියටත් කන්න තියේ නම් වෙන මුකුත් ඕන්නෑ "

" ඔව් බන් "

අයාන් මගේ කරට අතක් දාන් දන්සල පැත්ත බලන් කිව්වා.. ඇත්ත..

" මේ මාත් යනවා අයියා දන්සල පැත්තට ඔයාල දෙන්නට තර්ඩ් වීල් වෙන්න බෑනේ "

රාජා අපි මුකුත් කියන්නත් කලින් ගිහින් ඉවරයි.. හයියෝ අපි හිටියේ වැඩිය මිනිස්සු හිටියෙ නැති තැනක කඩයක් ගාවට වෙන්න..

" රාජත් මාර එකා.. මට එක වෙලාවකට හිතෙනවා ෆරුක් අයියට කැමතීද කියලා "

" විකාරද බන්. මන් නම් හිතන්නෑ.. "

සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️Where stories live. Discover now