එදා දවසම මම ගෙදර හිටියේ.. උණ ගතිය ඇගේ අමාරුව ඔක්කොම අඩු උන හින්දා ඊලග දවසේ මන් ඉස්කෝලෙ ගියා.. කාලෙකට පස්සෙ ඉස්කෝලෙට අඩිය තිබ්බෙ.. මන් ඉස්කෝලේ ගියේ තේව් එක්ක.. දැන් ඌ මන් එක්ක ෆිට් හින්දා මට උදේට බස් එකේ යන චාන්ස් එක නැති උනා.. අයාන් මට පොරොන්දු උනා වගේම සිකරට් ගහන එකයි අරක්කු බොන එකයි නැවැත්තුවා.. ඒත් චනුකයගෙ වදේ නම් නැති උනේ නෑ.. ඌ කොයි වෙලෙත් අයාන් පස්සෙන් ආවා ඒත් අයාන් පඩේකට ඌව ගනන් ගත්තෙ නෑ.. එක අතකට ඒක වැරදී.. මට එතනදි චනුකයා ගැන දුක හිතෙනවා.." අයාන් උබ දැන් එක්සෑම් එකට පාඩම් කරන්න ඕනේ.. ගිය පාර උබේ ලකුනු කීයද "
අයානුයි ෆරුකයයි මමයි හිටියේ අපේ ක්ලාස් එකේ ආතල් එකේ කයියක් ගහන් අද දවසේ වැඩිය ඉගැන්නුවේ නෑ ඉස්කෝලෙ මොකද්ද උත්සවයක් තියෙනවා කියලා..
" මන් හිතන්නෙ එකසිය ගානක්ද කොහෙද තිබ්බෙ "
" ඈ කැ#යෝ තෝව උල තියන්න එපැයි.. "
සද්ද වහලා රාජා එනකම් බලාගෙන හිටිය ෆරුකයට හික් ගෑවුනා.. මොකද අයාන් කියන්නෙ එලටම වැඩ කරන කොල්ලෙක් පන්තියෙ හැම පාරම පලවෙනියා.. එහෙම එකා නවසීයෙන් එකසියගානක් ගත්ත කිව්වම..
" හරි හරි පාඩම් කරේ නෑ අඩුම ක්ලාස් එකේ පාඩමකටවත් හිටියේ නෑ.. ඒකයි "
" හරි උබ වරෙන්කෝ තර්ඩ් ටර්ම් එකටත් ඕවා කියාගෙන.. "
" හරි හරි අයියේ "
" ඒ ෆරුකයෝ කෝ බන් රාජා.. "
" ඒක තමා මාත් බැලුවේ ක්ලාස් එකට ගිහින් එන්නම් කියලනේ ගියේ.. ඉදපන්කෝ මන් බලලා එන්නම්.. "
" ඉදහන් අපිත් එනවා "
රාජා අපිත් එක්ක තමා කලින් හිටියේ ඒත් කොල්ලෙක් රාජව හොයන් ඇවිත් මිස් කෙනෙක් කතා කරා කියලා එක්කන් ගියා ගියාමයි තාම රාජා නෑ.. දැන් පැය කාලක් විතර ඇති.. මටයි අයාන්ටයිත් ක්ලාස් එකේ ඉදන් කරන්න වැඩක් නැති නිසා අපි දෙන්නත් ෆරුකයා එක්ක ගියා..
YOU ARE READING
සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️
Romance" සීතල වුණු ටියුලිප් මල් පෙත්තකට වැටුණු ලා හිරු කිරණ ඒ මල නැවතත් ජීවත් කරා.. " -PSYCHOSHI🖋️ #1-schoolromance #1-sinhala #1-nonfiction #1-cricket #1-srilanka