එදා රාජා ඇවිත් කතා කරායින් පස්සෙ මන් දවස් ගැන ගැන හිටියේ ඉස්කෝලේ යන්න.. මට ඕනේ අයාන්ව හම්බෙන්න එයාට මේ දේවල් කියන්න.. සමාවගන්න ඕනෙ මට.. උගෙ ඒ ජරා පුරුදු අතාරින්න කියලා මට කියන්න ඕනේ.." අයියේ ලෑස්ති වෙලා එනවා මන් එක්ක යන්න පුලුවන් "
" එනෝ "
මන් ලෑස්ති වෙලා පල්ලෙහාට ආවා.. මන් අද තේව් එක්ක යන්න හිතුවේ කලින් ඉස්කෝලෙට යන්න පුලුවන් නිසා.. මන් අද හයට කාලක් තියලා ඉස්කෝලෙට ගියා ඉස්කෝලේ ප්‍රිෆෙක්ට්ලා කලින් එනවනේ..
මන් මගේ ක්ලාස් තියෙන බිල්ඩිමට යන්න හැදුවේ.. ඒත් තේව් මාව නවත්තගත්තා..
" මයෙ මස්සිනා එක්ක යාලු වෙලා මිසක් උබ එන්න එපා ගෙදර "
" හහ් අනිවා "
උගෙ ඒ ටෝක් එකට නම් මට පුදුම හිතුනා.. පුදුම වෙවී ඉන්න වෙලාවක් නෑ සයාශ් උබේ මිනිහා හොයාගනිම් ගිහින්.. මන් තේව්ට ටටා පාර දාල මගේ බිල්ඩිමට ගියා.. අද ලමයි ගොඩක් ඇවිත් හිටියේ නෑ අපිට සෙමිනා එකක් තියනවා කිව්ව නිසා.. මන් යනකොට රාජයි ෆරුකයයි තව කොල්ලො කෙල්ලො දෙතුන් දෙනෙකුයි පන්තියේ හිටියේ.. ඒ කෙල්ලො කොල්ලො ටික වෙනම උන්ගේ වැඩ කර කරා හිටියේ.. මන් දොර ගාව ඉදන් බලන් හිටියේ අපේ ලවුබර්ඩ්ලා දෙන්නගේ ලවු එක.. ෆරුක් හිටියේ රාජාගෙ අතෙන් අල්ලන්.. මොනා හරි පචයක් හලනවා මන් හිතන්නේ..
" අහ්ම් අහ්ම් "
මන් උන් දෙන්න ගාවට ගිහින් පොඩ්ඩක් උගුර පෑදුවා රාජා මල්ලි කරන්ට් එක වැදිලා වගේ ෆරුක්ගෙ අතෙන් අත ගත්තා.. රාජා හෙන ලැජ්ජකාරයා.. ෆරුකයා මගේ දිහා බැලුවා..
" සමාවෙයන් "
ෆරුකයයි මායි අපි දෙන්නම එක පාර කිව්වා.. ඒක ඇහුනම මටයි ෆරුකයටයි දෙන්නටම හිනා ගියා..
" මන් මහ මෝඩයි නේ බන්.. උබට බැනලා සමනලයෙක් කියලා මාත් දැන් ඒ වගේ සමනලයෙක් වෙලා.. මට තේරුණේ දැන්.. තමන්ගේ හැගීම්වලට ඉඩ දෙන එක පොන්නකමක් නෙවේ.. "
YOU ARE READING
සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️
Romance" සීතල වුණු ටියුලිප් මල් පෙත්තකට වැටුණු ලා හිරු කිරණ ඒ මල නැවතත් ජීවත් කරා.. " -PSYCHOSHI🖋️ #1-schoolromance #1-sinhala #1-nonfiction #1-cricket #1-srilanka