34 කොටස

864 77 2
                                    


හම්සලගේ වෙඩින් එකට තව දවස් දෙකයි.. හම්සටයි සිද්ටයි ඇදුම් ගන්න දැනට දවස් පහකට විතර කලින් අපි ගියා.. මන් තමා හම්සගේ කුර්තා එක තේරුවේ.. ඌ හැන්ඩියට ඉන්න එපැයි කොහොමත් ඌ හැන්ඩියා.. මේ දවස් වල හම්සටයි සිද්ටයි හම්බෙන්න බෑ.. දැන් සතියක විතර ඉදන් හම්සා සිද්ට කෝල් එකක්වත් ගත්තේ නෑ.. ඒක තමා චාරිත්‍රේ..

කුර්තා සල්වාර් ඔක්කොම වෙඩින් එකට ගත්තා.. හොටෙල් එකත් බුක් කරා.. අපේ හම්සගෙත් පලවෙනි කෙල්ලනේ.. ඉන්විටේශන් ඩිසයින් කරලා බෙදලත් ඉවරයි.. හෙන සෙනගකට වෙඩිම කියලා තිබුණා.. සාමාන්‍යයෙන් හින්දි මුස්ලිම් වෙඩින් එකක බ්‍රයිඩ්ගේ අතේ හෙනා අදින් එක සිරිතක්.. අද තමා සිද්‍රාත් යන්නේ.. ඔය අස්සෙ හම්සාට පිස්සු වගේ සිද්ට කතා කරන්නෙ නැතුව..

" අයියෝ බන් අනිද්දට සිද්ව හම්බෙනවනේ.. "

" ඒත් බන් මට මොකද්ද වගේ.. ආඅහ්හ්හ්හ්.. කෑවද දන්නෙත් නෑ.. අම්මලත් වැඩ.. "

" හයියෝ ඒකි කන්න ඇති බන් "

දැන් සතියක ඉදන් මේ සෙතේ තමා.. මාර කරුමයක්.. වෙලාව පාන්දර දෙකයි මූ නිදි නෑ සිද්ට අරක වෙලාද සිද්ට මේක වෙලාද ගගා කියෝනවා..

" අයියෝ හම්සා අයියේ වදින්නම් නිදාගනිම්කෝ බන් වෙලාව පාන්දර දෙකයි..  නිදිමතයි ඕයි අපිට.. සිද්‍රා අක්කව අනිද්දට බලාගනිම්කෝ ඇති තරම් අනේ බන් "

තේව් ඇස් දෙකත් කස කස බාගෙට නින්දේ කියෙව්වා.. මන් නම් හිටියේ කොට්ටෙන් කන් දෙක වහගෙන.. මටත් නිදිමතයි..

" ඒත්- "

" තෝ තව වචනයක් හරි කිව්වොත් තොගෙ ඇට දෙක පලනවා.. කට වහගනිම් බල්ලො "

මන් කෑ ගැහුවම තමා මූ සේප් එකේ කටවහන් නිදාගත්තේ..  නැත්නම් හෙට උදේ එලි වෙනකම්ම මූ කියෝනවා සුවර්..

සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️Where stories live. Discover now