" ඔය බෑග් ටික මේ ඩිකියට දාන්න.. අඩිය තියලා එනවා සයාශ් දැන් වෙලාව කීයද දහයටත් ලගයි.. "කොච්චර කලින් යමු ගගා හිටියත් පරක්කු වෙලයි ගමන යන්න පිටත් උනේ.. කොහොමත් වෙලාවට වැඩ කරන්න බැරි පවුලක් තමා අපි.. මායි තාත්තයි කොච්චර උදෙන් නැගිට්ටත් තේව්ව නැගිට්ටෝගන්න බැරි උනා.. ඒකටත් ඉතින් මන් තමා බැණුම් අහන්න ඕනේ.. ඒ මදිවට ලොකු අම්ම උදේ පාන්දර කෝල් කරලා අහනවා ඇයි ආවෙ නැත්තෙ කියලා.. ඒ මනුස්සයා හිතන් ඉදලා තියෙන්නෙ අපි ඊයෙයි එන්න හිටියේ කියලා.. මරු හැබැයි..
මන් බෑග් ටික ඩිකියට දාලා බාගෙට ඈනුම් ඇර ඇර ඉන්න තේව්වත් ගෙදරින් එලියට ඇදලා ඇරන් ගෙදර දොර වහලා ඌව කාර් එකට දාල තාත්තට කාර් එක ගන්න ගේට්ටුව ඇරියා.. ගේට්ටුවෙන් එලියට වාහනේ දාගත්තම මම ගේට්ටුව ආයෙ වහලා කාර් එකට නැග්ගා.. කොහොමහරි අපි කෑගල්ලට යන්න පිටත් වෙනකොට වෙලාව දහයත් පහු වෙලා.. මම තේව් එක්ක පිටිපස්සෙන් ඉදගත්තා.. මූ යනකනුත් නිදි.. පැය දෙක තුනක ගමනකින් පස්සෙ අපි කෑගල්ලට ආවා.. අපි ගමේ ගෙදරට යනකොට ලොකු අම්මා මග බලන් ඉන්නවා.. ගමේ ඕපේ කියවන්න ඉවසිල්ලක් නැතුව ඔය ඉන්නෙ..
මන් නම් ගෙදරට අඩිය තිබ්බ ගමන් අපිට හදලා තිබුණ කාමරේ ඇදට පැන්නා.. තේව්ත් ඇවිත් මගේ එහා පැත්තට පැන්නා..
" ඒ සදුනිකා ආවද මන්දා අර බෙලෙක්ක සද්දෙ ඇහෙනවා නේ "
" අයියෝ මන් නිදි "
මට කෙල්ලෙක්ගේ ටකරං හොලෝන වොයිස් එක ඇහුනා.. ඒ නම් සදුනිකාම තමා.. අනේ පවු අපේ තේව් අහිංසකයා.. මේන් මේකි කඩාගෙන අපේ කාමරේටම ආවා..
" අහ්හ් අයියේ.. "
" නංගි ඉතින් කොහොමද ?"
" හොදයි අයියේ ඔයාලට කොහොමද.. ඔයාලා හම්සා අයියගේ වෙඩින් එකටත් ඉදලනේ යන්නෙ ?"
YOU ARE READING
සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️
Romance" සීතල වුණු ටියුලිප් මල් පෙත්තකට වැටුණු ලා හිරු කිරණ ඒ මල නැවතත් ජීවත් කරා.. " -PSYCHOSHI🖋️ #1-schoolromance #1-sinhala #1-nonfiction #1-cricket #1-srilanka