අපි හවස් වරුවම ලක්ශ්මි නැන්ද අතින් හදපු ගුලාබ් ජාමුන් කකා වෙලට වෙලා හිටියා.. අරුන් ලවු කරන අතරේ මන් නම් ඉතින් දෙන්නව බයිට් කරා.. රාජා නම් රතු වෙනවා විහිලු කරනකොට..ෆරුක් පුලුවන් හැම විදියටම රාජාව බලාගත්තා.. ෆරුක් රාජාව පරිස්සම් කරා.. මොකද රාජා කියන්නෙ හෙන අහිංසක කොල්ලෙක්.. මන් නම් දැකලම නෑ රාජා ලමයි එක්ක රණ්ඩු දාගන්නවා.. අනික රාජා හරිම බයයි.. පොඩි දේත් ලොකුවට හිතනවා ඒක ගැන දන්න නිසාම ෆරුක් රාජාට හරීයට ආදරේ කරන ගමන් රාජාව පරිස්සමෙන් බලාගත්තා.. රාජට ෆරුක් කියන්නෙ තව තාත්තා කෙනෙක් වගේ..
" ඒක නෙවේ ෆරුකයෝ "
" ඕ "
" අපේ සිද් උබලගේ නෑදෑයොනේ "
" අහ්හ් ඔව් බන් සිද්‍රා අපේ තාත්තගේ මල්ලිගේ දුව.. "
" අඩෝ නෑකම ලගයිනේ ?"
" ඕ "
" මරු හැබැයි "
" උබලට කොහෙන්ද සිද්ව නෑ වෙන්නෙ "
" සිද්ව නෙවේ බන් හම්සව.. හම්සා අපේ තාත්තගේ අක්කගේ මහත්තයා ඒ කියන්නෙ අපේ ලොකු තාත්තගේ නංගිගේ පුතා.. "
" ලොකු තාත්තා මුස්ලිම්ද ? "
" නෑ බන් එයාගෙ නංගි බැදලා ඉන්නෙ ඉතින් හරීම් මාමානේ නැන්දත් ඉතින් මුස්ලිම් තමා උපතින් බුද්දාගම උනාට "
" අහ් ඔව්නේ "
" පුතාලා එන්න මේ තේ හැදුවා "
" හරි අම්ම එනවා.. අයියා යමු "
ලක්ශ්මි නැන්දා තේ හදලා කතා කරාම අපි වෙලෙන් ගෙවල් පැත්තට ගියා.. එතකොට හවස හයට විතර ඇති අපි තේ බීලා ඔක්කොම කරලා ෆිල්ම් එකකුත් බලලා එකොලහට විතර නිදාගන්න ගියා.. අපි තුන් දෙනාම හිටියේ රාජගේ කාමරේ.. ලොකු ඇදක් තිබ්බ නිසා ෆරුකයා මැද මායි රාජයි දෙපැත්තෙ නිදාගන්න තීරණේ කරා.. නිදාගන්න ගියාට මොකෝ නින්ද අහලකවත් නෑ.. ඒ අස්සෙ තාත්තගෙන් මට කෝල් එකකුත් ආවා.. මන් එයාට ආයෙ මුල ඉදන් කරුණු පැහැදිලි කරලා පැය කාලකට විතර පස්සෙ ෆෝන් එක තිබ්බ..
YOU ARE READING
සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️
Roman d'amour" සීතල වුණු ටියුලිප් මල් පෙත්තකට වැටුණු ලා හිරු කිරණ ඒ මල නැවතත් ජීවත් කරා.. " -PSYCHOSHI🖋️ #1-schoolromance #1-sinhala #1-nonfiction #1-cricket #1-srilanka