අද අපි ආයෙ ගෙදර එනවා.. උදේ නවයට විතර තමා ගෙදරින් පිටත් වෙන්නෙ අද නම් තේව් මට කලින් නැගිට්ටා.. ඌට ඊයේ කලින් නිනද ගියානේ.. ඒක නිසා අද හිතාගත්ත වෙලාවටම කෑගල්ලෙ ඉදන් එන්න පුලුවන් උනා.." එහෙනම් ගිහින් වරෙන් මලයෝ "
" වරෙන්කෝ බන් වෙලාවක එහෙත් "
" එන්නම් එන්නම් බන් මට මේ කඩ ටික දාල එන්න බැනේ.. "
" අනේ ඔව් අයියේ මටත් යන්න ඕනේ මන් ගිහින්ම නෑනේ "
" හරි සිද් අපි යමුකෝ වෙලාවක "
" ආ මේ එන්න කලින් කියලා වරෙන් ආ "
" හරි හරි බන් "
හම්සටයි සිද්ටයිත් කතා කරලා ගමේ කට්ටියටත් කියලා අපි ආයෙ කොලඹ ආවා.. ඇත්තටම මේ නිවාඩුව මට කොච්චර අවුල් උනත් හම්සා සිද් හින්දා ඒක ටිකක් හරි හොද උනා.. අපි පැය හතරකින් විතර ගෙදර ආවා..
" සයාශ් අර ඉන්නෙ ඔයාගෙ යාලුවෙක් නේ "
" රාජා "
රාජා මල්ලි ගෙදර ගේට්ටුව ගාව කණ්ඩියක වාඩි වෙලා වට පිට බල බල හිටියේ.. මන් ගේට්ටුව අරින්න කාර් එකෙන් බැස්සම මිනිහා මාව දැකලා මගේ ලගට ආවා..
" අයියා "
" මොකෝ බන් මේ ගෙදර ගාව මොකක් හරි අවුලක්ද ?"
" ලොකු ප්‍රශ්නයක් "
" ආඅ හරි පොඩ්ඩක් ඉදපන්කෝ මන් මේ ගේට්ටුව අරින්න අපි ඇතුලට ගිහින් කතා කරමු "
මන් ගේට්ටුව ඇරියම තාත්තා කාර් එක ඇතුලට දැම්මා..
" මොකක් හරි ප්‍රශ්නයක්ද පුතේ ?"
YOU ARE READING
සීතල කුසුම් | COLD FLOWERS | BL ✔️
Romance" සීතල වුණු ටියුලිප් මල් පෙත්තකට වැටුණු ලා හිරු කිරණ ඒ මල නැවතත් ජීවත් කරා.. " -PSYCHOSHI🖋️ #1-schoolromance #1-sinhala #1-nonfiction #1-cricket #1-srilanka