මං දැන් දන්නවා මගේ හිතේ ඔයා ගැන මොන වගේ හැගීමක්ද තියෙන්නේ කියලා... මං පිළිගන්නවා... ඒ මං ඔයාට මේ ලෝකේ හැමදේටමත් වැඩිය ආදරෙයි කියලා... ඒත් ඒක මං දැන්ම ඔයාට කියන්නේ නෑ බනී... මං දන්නවා ඔයා මං නැතුව ලොකු අමාරු කාලයක් ගෙවපු බව... මං වෙනුවෙන් මේ ටික කාලයත් ඉවසන්න... මං හුගක් ආදරෙයි මගේ හුරතල් බනී...ෆෝන් ස්ක්‍රීන් එකේ ජන්කුක්ගේ ෆොටෝ එකක් දිහා බලාගෙන එහෙම මුමුණපු ටේ ආපහු තමන්ගේ රාජකාරිය කරන්න පටන් ගත්තා...
" ඩොක්ටර් ටේහියුන්... "
" ආආආ එන්න සාරා... කොහොමද ඉතින්... "
" මං හොදින් ඔයාට කොහොමද... "
" විශේෂයක් නෑ ඉන්නවා ඉතින්... "
" ටේ... ඔයා මං අර කියපු කාරණාව ගැන හිතලා බැලුවද... "
" ඒ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ සාරා මං කැමති නෑ... මං මැරි කරලා ඉන්නේ... ඉතින් මට තව මැරේජ් එකක් අවශ්‍ය වෙන්නේ නෑ... "
" ඒත් ඔය දෙන්නාගේ කිසිම සම්බන්ධයක් නෑනේ... "
" Enough සාරා... දැන් ඔයා මෙතනින් යන්න... "
සාරා යනකන් ඉදලා මේසේ උඩින් ඔලුව තියාගත්ත ටේ කල්පනා කලේ සාරා දැන් එන්න එන්නම එයාට ලං වෙන්න හදන විදිහ ගැන...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
" මං කියලා දීපු විදිහටද කලේ... "" ඔව් ඔව් සොකී... දැන් ඔයා ඕක මගෙන් සියපාරක් විතර ඇහුවනේ... "
" ඒත් ඉතින් මං දැනගන්න එපැයි මොනාද හරියටම වුනේ කියලා... "
ජන්කුක් හෝසොක් දෙන්නා ලෙක්චස් ඉවර වෙලා කැන්ටින් එකට ආවේ දෙන්නම හොදටම බඩගින්නේ බඩේ පනුවෝ බොක්සිං ගහන්න ගත්ත නිසා...
ඒත් හෝසොක්ට නිශ්ෂබ්දව කෑම කන්න උවමනාවක් තිබුනේ නෑ... ඒ නිසාම කලින් දවස ගැන ජන්කුක්ගෙන් ඇහුවා... ඒත් ඒ ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරුව රතු වෙලා හිටියේ...
කලින් දවසේ රෑ කියන්නේ ජන්කුක්ට කවදාවත්ම අමතක කරන්න පුලුවන් රැයක් නෙවෙයි... මොකද එයා හිතුවේ නෑ කවදාවත් ටේ එයාට ඒ විදිහට ලං වෙයි කියලා... අඩුම එයා හිතුවේ නෑ ටේ හාදුවකින් එහාට යයි කියලා... ඒත් ජන්කුක් බලාපොරොත්තු වුනාටත් වඩා දේවල් ඒ රැයේ සිද්ද වුනාම එයා හිටියේ කියාගන්න බැරි තරම් සතුටකින්... ඒ වගේම එයාට තව සතුටක් තිබුනා...
" මට ගොඩක් සතුටුයි සොකී... ඔයාට ගොඩක් ස්තූතී... "
" ස්තූතී කරන්න දෙයක් නෑ කුකී ඔයා සතුටින්නම් මට එච්චරයි ඕනේ... "
" හ්ම්ම් ඒක ඇත්ත... දැන් ඉතින් හැල්මොනිගේ කට වස්සන්න පුලුවන් මට... "
ජන්කුක් එවිල් හිනාවක් එක්කම එහෙම කියද්දි හෝසොක් පුදුම වෙලා වගේ ජන්කුක් දිහා බැලුවා... මොකද එයාගේ යාලුවා මේ වගේ කවදාවත් හැසිරිලා නැති නිසා...
හායී පැටව්නේ
ඔන්න මං ආවා
චූටිම චූටි චැපියක් අරගෙන
අනේ මේ කම්මැලි ඔතරයට සමාවන සේක්වාටයිප් කරන්න කම්මලීයි...
එන්නම්
✍️ aaro

YOU ARE READING
💞 Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Completed)
Fanfictionපොඩි කාලේ පුංචි ළමයි දෙන්නෙක්ට එයාලගේ දෙමව්පියන් විසින් සිදුකරන විවාහයක් නිසා විවාහ වුනු දෙන්නෙක්... ඒත් ඒ විවාහය ඒ දෙන්නා ලොකු වෙනකොටත් තියේවිද... " ඔයා ලට ගියාට පත්තේ මාව අමතක කලන්නේ නෑ නේද... " බෝල ඇස් වල කදුලු පුරවගෙන එයාගේ හස්බන් යන දිහා බලන...