9 කොටස

90 8 4
                                    


මොකෝ උඹ කල්පනාව..

ම්හු... මුකුත් නෑ...

කෝ අනිත් එවුන්..

තාම නිදි..

වතිකයි මායි එලියට වෙලා කතා කර කර හිටියෙ ඈතින් පේන මීදුම දිහා බලාගෙන..

සැරින් සැරෙ අඩු වැඩි වෙන මීදුමත් එක්ක ඇගට දැනෙන සීතලත් වෙනස් වෙනව..

වතික..

කියපන්..

මං මොකක්ද බං කරන්න ඕන.. බාප්ප ලෑස්ති වෙන්නෙ හොටෙල් එකත් කොහොමහරි එයාගෙ අතට ගන්න..  ඌ හොදටම දන්නව මේ වෙලාවෙ ඕක කරගන්න බැරි උනොත් ආයෙ චාන්ස් එකක් එන්නෙ නෑ කියල..

මං කලින්ම උඹට කිව්වනෙ.. උඹට අයිති දේවල් උඹ ලගට ගනින් වෙස්සන්තර වෙන්නෙ නැතුව..  අනිත් එක අහවල් එකකටද ඕකුන්ව තවත් උබ ගේ අස්සෙ තියන් ඉන්නෙ.. කන්න බොන්න හදල දිපුව ඇරෙන්න වෙන දෙයක් උන් උබට දීල නෑනෙ..

අනේ මට තේරෙන්නෙ නෑ... බං.. ඒ දවස්වල මට මේවගෙ වටිනකමක් තිබුනෙ නෑ.. අදටත් මට මේව ලොකු නෑ..  මට ඉර හද අල්ලන්න ඕන නෑ.. උඹලා වගේම සාමන්‍ය ජීවිතයක් විතරයි ඕන.. ඒක ඇතුලෙ මට වේලක් කාල හිටියත් කමක් නෑ සැනසීමෙන් ඉන්න පුලුවන්නම්...
ඒත් මගෙ අම්මයි තාත්තයි මහන්සියෙන් ගොඩනගපු දේවල් නැති වෙලා යනව බලන්න ඕනෙත් නෑ මට..  මටත් ඕනි මගෙ අම්මටයි තාත්තටයි සාදාරණයක් කරන්න..

හ්ම්ම්... උඹ හිතනවද උඹගෙ බාප්පා එයාලගෙ මරණෙට සම්බන්ධයි කියල...

වෙන්නත් පුලුවන් .. නොවෙන්නත් පුලුවන් ..  ඒත් එයා ගැන සැක කරන්න පුලුවන් කිසි දෙයක් තාම හම්බුනේ නෑනේ..   

හ්ම්ම්... අනේ මන්ද.... හරි ඕක දැන් හිතන්න එපා... අපි ගෙදර ගිහින් ඔය ගැන කතා කරමු...

.....................................................................

අටට විතර මීදුම අඩු වෙද්දි අපි ලෑස්ති උනේ බෝඹුරු ඇල්ලෙ යන්න.. අපි එකෙක්වත් මීට කලින් එහෙ ගිහින් තිබුනෙ නෑ.. කෝමහරි පැයක් විතර යද්දි අපි ඇල්ල ලගට ආව..

මේ ඕෆ් සීසන් ද බන් සෙනග නැත්තේ..

වෙන්නැති නේ.. අනික වීක්ඩේස්වල සෙනග අඩු ඇති කොහොමත් ...

COME WITH MEWhere stories live. Discover now