1 කොටස

323 15 0
                                    

" මහ සයුරේ රැළි ‍ගොඩට ගලනවා
හමන සුළං සිසිල ගෙනෙනවා
මල් සුවද සොයා බඹරු ඇදෙනවා
සිත ඔබහට ආදරේ වෙනවා
එය පුදුමයක් නොවේ අන්ධයිලු ආදරේ
දැන දැන සිත වැරදිකරනවා.

එළිය සිසිල වාගේ
ලස්සන සිනහව ඔබගේ
දැක්කම සිත මුරණ්ඩුවෙනවා
දුර තරු ගනින්න බැහැනේ
ඔබ අන් හදකට හිමිනේ
සිත හෙමිහිට කඳුළු සලනවා

මල් නටුවේ කටු ඇත්නම්
ඝනදුරු රැය රුදුරුයි නම්
සිතේ පැතුම් ඉටු නොමවෙයි නම්
ඔබෙ ආදරේ මට නැතිනම්
එය පුදුමයක් නොවේ නම්
කඳුළින් සුභ පතමි මං"

මම ඒ වචන ටික මිමිනුවේ  ඈත පේන මූද දිහා බලාගෙන.

මේ වෙද්දිනම් නැකැත් චාරිත්‍ර ඔක්කොම ඉවර වෙලා දෙන්නම hotel එකට ගිහිල්ලත් ඈති...
නොයා බැරි කමට wedding එකට ගියත් ඒ මූණ දකින වාරයක් ගානෙ පිච්චෙන මගේ හිතට තවත් බොරුවට දුක් දෙන්නෙ නැතුව මම  wedding hall එකෙන් එලියට බැස්සෙ පැයක්වත් එතන රැදෙන්නෙ නැතුව.

මාල හතක් දාල ඇත් දල පාට ඔසරියක් ඇදල හිටපු කෙල්ල ඇත්තටම අද හරි ලස්සනයි. සුරංගනාවියක් වගේ කියන්න නම් බෑ. ඇත්තටම ඒක සියුමැලි ලස්සනක් නෙවෙයි. හරියටම කිව්වොත් ඉස්සර ඉතිහාසේ පොත්වල විස්තර කරල තිබුන රැජිණකගේ වගේ ආඩම්බර තේජවන්ත පෙනුමක් ඒ මූණේ තිබුනේ.

ඒක ඒ ඇදන් ඉන්න ඇදුමයි පාන්දර ඉදන් මූනෙ උලන් ඉන්න පාට තට්ටුවයි නිසාද කියල නොතේරුණත් ඇත්තටම මන් දන්න කොයි කාලෙකවත් ඒකිට හුරුබුහුටි පෙනුමක් තිබ්බෙ නෑ. අනිත් කෙල්ලොන්ට අවුරුදු 18,19දි ඕන උනේ ලස්සන ඇදුම්, බෑග්, මේකප් බඩු වෙද්දි ඒකිට ඕනි උනේ ලොකු ශොප් එකක් ඕපන් කරන්න. ඒකත් නෙතූ අතින්ම ඩිසයින් උන ඇදුම්වලින්.

කොල්ලොන්ගෙන් ලැබෙන ඉගි බිගි, පොඩි පොඩි ලියුම් කෑලිවලට අනිත් කෙල්ලො ෆෝම් කරන්න පුලුවන් උනාට මං ඒකිව දැනන් උන්න අවුරුදු ගානටම ඒකි ඒවා දූවිල්ලක් තරම්වත් ගනන්  ගත්තෙ නෑ.

ඒ නිසාමද මන්දා ඉස්කෝලෙ කාලෙ උනත් වැඩිය කොල්ලොන්ගෙ ඇල්ම බැල්ම මේකි දිහාට වැටුනෙ නැත්තෙ. වැටුනෙ නෑ නෙවෙයි උන් එකෙක්ටවත් නෙතූගෙන් පොඩිම ඉගියක්වත් ලැබැන්නෙ නැති වෙද්දි උන් උනත් තේරුම් ගන්න ඇති ලේසියෙන් නම්මගන්න බෑ කියලා.

COME WITH METempat cerita menjadi hidup. Temukan sekarang