25 කොටස

40 6 4
                                    

සිනිදූ... ආයෙ කියන්නෙ නෑ...
මට කියල කන පලාගන්නැතුව ගිහින් ලෑස්ති වෙයන්...

ලෙඩක් තියේද නැද්ද බලන්න උඹ ඩොක්ටර් නෙවෙයිනෙ.. පලයං කිව්වම...

දවල් ඉදන්ම එක එක හේතු කියල ඩොක්ටර් මීට් වෙනයන්න බෑ කිය කිය ඉදපු සිනිදු අන්තිමේ ඇදුමක් දාන් එන්න ගියේ වතිකගෙ කටේ සද්දෙට බයවෙලා..

රිපෝර්ට්ස් ටිකත් ෆයිල් එකකට දාගෙන සිනිදු පහලට ආවම වතිකයි පසායි මදහසුයි තුනම ඇවිත් කා එකට නැග්ගෙ උන්ටත් සිනිදු එක්ක එන්න ඕන කියල...

මේ....
උඹ තියෙන ලෙඩ ඔක්කොම කියපං හරිද... 
එක්කො අපිත් එන්නද ඇතුලට..

නැත්නම් උඹ භූතය වගේ කටවහන් ඉදියි ඩොකාට ඕන්නම්  ලෙඩේ හොයා ගනින් කියල..

නෑ.. නෑ.. අනේ...
මම තනියම යන්නම්... ඔයාල මෙහෙන් ඉන්න..

වතික යන ටිකටත් අරූට උපදෙස් දෙනව...

තනියම යඤ්ඤං තමයි..

මායි මදහසුයි ඩොක්ටර්ගෙ රූම් එකට එලියෙන් තියෙන පුටු පේලියෙ වාඩි වෙලා බලන් හිටියෙ අරුන් දෙන්නා එලියට එනකන්...

එතන ඉදපු නර්ස් අක්ක කෙනෙක්ට වාත වෙලා පසායි වතිකයිත් කොහොමහරි ඇතුලට රිංගගත්‍තා... 
අපි දෙන්නත් යන්නද කියල අහන්න හැදුවත් අහන්න  කලින් ම  ඔයාල දෙන්න එලියෙන් ඉන්න කියල එයත් ඇතුලට ගියා...

විනාඩි 20කට විතර පස්සෙ එලියට ආව තුන්දෙනාගෙම මූනෙ තිබුනෙ හරි බැරෑරුම් පෙනුමක්....
වතිකට මල පැනල කියල මූන දැක්කම පේනව...

මොකෝ කිව්වෙ..

ම්හු.. හරියට කියන්න බෑලු බං..
බලපං මේ පෙරේතයට අච්චර කියලත් පරන රිපෝර්ට්ස් ටික දාල ඇවිත්නෙ... ලගදි ගත්ත ටික විතරයි ගෙනත් තියෙන්නෙ...

ඩොකා කියන්නෙ බලපු රිපෝර්ට්ස් වල ලොකු අව්ලක් නෑ කියල...  ඒත් අනිත් ඒව බලනකන් මුකුත් කියන්න බෑලු...

අනික මේ යකා මොකක්ද ලෙඩකට  බෙහෙතක් අරන් ඉස්සර ...
ඒක මේ ලගක ඉදන් බොන එක නවත්තල...  බලපංකො ඉතින් ආව එකෙනුත් වැඩක් නෑනෙ මුගෙ අවසිහිය නිසා... 

COME WITH MEWo Geschichten leben. Entdecke jetzt