20 කොටස

76 8 14
                                    

ඇස් දෙක ඇරන් ටික වෙලාවක් මං සිවිලිම දිහා බලන් හිටියෙ ඉන්නෙ කොහෙද කියල ප්‍රොසෙස් වෙනකන්... වෙලාව බලද්දි තාම හය හමාරයි... අපේ පැත්තෙනම් මේ වෙද්දිත් එලිය වැටිලා.. මෙහේ වැහි අදුරත් එක්ක තාම හෙන කලුවරයි..

මං නැගිටල මූනත් හෝදගෙන සාලෙ පැත්තට ගියා... අනිත් උනුත් නැගිටලද කොහෙද...  වතිකගෙ බෙලෙක් කට මෙහෙටම ඇහෙනව..

මම යනකොට උන් තුන් දෙනා තේ බොනවා.. මගුර අයියගෙ අයියත් පැත්තක වාඩි වෙලා ටීවි එක දිහා බලන් උදේම   චතුර බොරු කියන හැටි අහන් ඉන්නව.. මේ දවස්වල මහපුටුවේ භීෂණේ ගැන  තමයි ඉතින් වැඩිපුර කියන්නෙ...  අයියනම් මගුරා වගේමයි.. හැබැයි ඌට වඩා ටිකක් පරිණත පෙනුමකුත් තිබුනා..

මං මදහස් දිහාටත් ක්ශනික බැල්මක් දැම්ම.. මලපෙරේතය මූනවත් හෝදල නැතුව වෙන්නැති තේ බොන්නෙ...   හැබැයි ඊයෙ වෙච්ච දේ මතක් වෙද්දි මම ඉක්මනට අහක බලාගත්ත... මගේ අතම ඊයෙ මාව පාවල දුන්න..

ආහ්..  උඹ නැගිට්ටද.. මං මේ බලන්න යන්න හැදුවෙ තෝ මැරිලද කියල මෙච්චර  වෙලා...

නෙදකු විතරක්.. උදේ පාන්දර මූ කියන මූසල කතාව... යකෝ මං කමක් නෑ.. තනියෙන් නිදාගත්ත එකානෙ.. මුන් දෙන්න තව ටිකක් වෙලිල නිදාගන්නැතුව පාන්දර ඇහැරන් මොන හුට්ටලමක් කරනවද...  හිටපංකො තොට...

ක්‍රැහ්ම්... වතික... උඹට ඊයෙ නින්ද ගියාද බං... මට නින්ද ගියෙත් නෑ.. මගුර අයියෙ මදුරුවොනෙ බං හරියට... බලපං මේ  වතිකගෙ  බෙල්ලත් හැමතැනම කාල නේද...

වතිකගෙන් ඒ කතාවට  මාරාන්‍තික බැල්මක් හම්බෙද්දි මගුර අයියට බිබී ඉදපු තේ එකත් පිට උගුරෙ ගියා......  
යසයි තොපිට...

කොච්චර නොබල ඉන්න හැදුවත් ඇස්   යන්නෙම ඒ මලානික උන ඇස් දිහාවට... ඇස් යට කලු වෙලා... ඒව ඇතුලටම ගිලිලා ගිහින්... ඌ සතුටින් නෙවෙයි ඉන්නෙ... තවත් ඒකට සාක්ෂි ඕන නෑ... ඒත් මේ පාරනම් උඹ දැන දැනමයි බං ඕකට කරගැහුවෙ....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

හරි මං කියනවට එකපාරක් කරපං... මෙතනට දැම්මම පට්ට ඕයි....

පිස්සු ද යකෝ එහාට වෙයංකෝ..

ඔච්චර බයනම් උබ ඇස් වහගනින්.. මං කරන්නම්.. ඕන්නම් පොඩ්ඩක් රිදෙයි.. රිදුනට ඒක වැඩි වෙලා තියෙන්නෙ නෑ...

COME WITH MEWhere stories live. Discover now