"අම්මොහ් පොඩි බොසා..! ඔහොම එකපාරටම කඩාපාත් වෙනවද අහ්..?"
කේසර අයියා හොඳ නළුවා. ඔය පපුවට අතකුත් තියාගෙන මගේ දිහා ඇස් බක්ක කරන් බලාගෙන ඉන්නේ මම එකපාරටම පොරගේ private cabin එකට කඩාපාත් වෙච්ච නිසා.
"කවදා ඉඳන්ද අයියේ උඹේ heart එක දකුණු පැත්තට මාරු වුනේ..?"
වම් අතින් පපුවේ දකුණු පැත්ත අල්ලන් ඉන්න එක දිහා බලලා මන් ඇහුවම තමා පොරටත් වැරැද්ද තේරුනේ.
"Office එකට hot ම hot කෑල්ලක් බැස්සා මල්ලි මේ ලඟදි... එදා ඉඳන් මගේ පපුව දෙපැත්ත මාරුවෙලා වගේ..."
මාත් එක්ක කතා කරන relax mode එක on කරගෙන කේසර අයියා පොඩි ඕපයක් කියන්න ලෑස්ති වුනා. මෙහෙමයි... කොල්ලෙක් විදියට මම ඕපදූප කියවන්නේ නෑ. ඒක මගේ ප්රතිපත්තියක්. ඒත් අපේ company එකේ වෙන දේවල් දැනගන්න මට සදාචාරාත්මක අයිතියක් තියනවනේ... හා නැද්ද..? අනික මගේ මනුස්සයව උරචක්රමාලාවලින් ආරක්ෂා කරගැනීම ගැන සම්පූර්ණ responsibility එක මම අරගෙන තියෙන්නේ. ඔය පිරිමින්ට වඩා ගෑනු හෙන වාත case මචන්ලා.
"ඒ කියන්නේ ලඟදිම අපිට wedding cake කෑල්ලක් කන්න පුළුවන් වෙයි වගේ නේහ්..?"
මම හොඳට පුටුවේ දිගඇදිලා ඇහුවා.
"ආඃ... උඹ කියන්නේ එයා බඳින්න යනවා කියලද..?"
මොන උට්ටක්ද මූ මේ කියන්නේ..?
"කවුද..?"
"මගේ හද විල සසල කළ දෙව්ලිය..."
මූ නම්...
"මන් දන්න දෙව්ලියක් නෑ බන්... මන් කිව්වේ උඹ අර කිව්ව hot ම hot කෑල්ලව උඹ set කරගත්තම අපිට wedding cake කෑල්ලක් කන්න පුළුවන් වෙයි කියලා..."
ඒක ඇහුවම නම් උගේ මූණ විරහවෙන් ආතුර වුනේ ගහෙන් බිමට පතබාලා තැලිච්ච වැල ගෙඩියක් වගේ.
"අපිට no chance මචන්... ඒකි ආව දා ඉඳන් බොසා වටේමයි කැරකෙන්නේ... අපිව පයිසෙකට ගණන් ගන්නෑ... මම මේ කේලම් කියනවා එහෙම නෙවේ මල්ලි... මේ ළඟදි මිස් දෙව්ලි බොසාට cupcakes වගේකුත් ගෙනත් දුන්නා..."
මම කකුලක් පිට කකුලක් දාලා හෙන උනන්දුවෙන් කතාව අහන්න ගත්තා. Boss සම්බන්ධ වුනා නම් ඒ ඕපෙ මට අදාලයි.
YOU ARE READING
𝐃𝐚𝐝𝐝𝐲 𝐈𝐬𝐬𝐮𝐞𝐬 (Ongoing | Sinhala BL)
RomanceDaddy Issues || ඩැඩී ඉෂූස් 💫 "කවුද කියන්නේ Daddy Issues තියෙන්නේ කෙල්ලන්ට විතරයි කියලා..? ඇයි කොල්ලෝ අපිට එහෙම වෙන්න බැරිද..? මට පොඩි කාලේ ඉඳන් ආදරෙන් අඩුවක් නොකරපු ගෑනු ආත්මයක් මගේ ළඟ හිටියා. ඒ මගේ අම්මා... ඒත් මට ඕනේ වුණ ආදරේ හිස්තැන පුරවන්න මගේ...