Daddy Issues - 10

275 25 13
                                    

"දැන් කොහොමද ලිහාන්..?"

දෙව් අයියා ඇහුවේ මගේ ඇඳ උඩ බාගෙට වාඩිවෙන ගමන්. මම ගොඩක් වෙලාවට පොරව දැකලා තියෙන්නේ casual outfits එක්ක නිසා professional outfit එකට පොරව හෙනම වෙනස් විදියට මට එකපාරටම පෙනුනේ.

"දැන් ශේප් අයියේ..."

"හොඳ වෙලාවට suspend එක වැදුනේ. නැත්නම් ඉස්කෝලෙට inform කරන්න ගියා නම් hospitalize වුන හේතුව තව යුද්ධයක්..."

දෙව් අයියා කිව්ව කතාව ඇත්ත. ඒත් ඉතින් teachers ලා කවුරු හරි ඇහුවොත් මිසක් වෙන කවුරු අහන්නද මන් මලත් ඒ ඉස්කෝලේ..?

"අයියේ... ඔයාගේ යාලුවට කොහොමද..?"

මම ඇහුවේ අගහස් ගැන.

"මගේ යාලුව ගැනද උඹට දැනගන්න ඕනේ. නැත්නම් උඹේ sugar daddy ගැනද..?"

දෙව් අයියා ඇහුවේ මගේ කොන්ඩේ අවුල් කරන ගමන්. මම හිනාවුනා. ඔය Daddy කතාව දෙව් අයියා විතරක් නෙවේ කේසර අයියත් දන්නවා ඉතින්. අවුලවන්න ඕනේ වුනාම Sugar Daddy කියන එක උන් දෙන්නගේ පුරුද්ද.

"පොර ටිකක් අවුලෙන් ඉන්නේ... අර වෙලේ ඌ නස්පුට් වෙන්න වැදිලා ඉඳලා තියෙන්නේ කොල්ලෝ... උඹට වෙච්ච දේ මම සාධාරණීකරණය කරනවා නෙවේ... ඒත් අගා කියන්නේ කොච්චර හොඳ alcohol tolerance එකක් තියන මිනිහෙක් වුනත් ඒ limit එක cross කලාට පස්සේ අමු සතෙක්... ඌ කලින් දවසේ රෑ ඉඳන් nonstop ගසලා... ඒක සාමාන්‍ය මිනිහෙක්ට දරන්න පුළුවන් බීමක් නෙවේ මල්ලි... ඌ සිහියෙන් හිටියා නම් අඩුම ඌට තේරෙන්න තිබ්බා උඹව ගිනි අරගෙන වගේ රස්නෙයි කියන එක... ඒත් අර වගේ situation එකක ඉද්දි ඒ වගේ දේවල් sense වෙන්න නැතුවැති බන්... ඒත් වුන දේ හොඳ දෙයක් නෙවේ... ඒක... ඒක එක්තරා විදියක rape එකක්..."

අන්තිම වෙද්දි දෙව් අයියගේ කටහඬ කැඩෙන්න ගත්තා.

"මම ඒක අමතක කළා අයියේ... මට ආයේ ඒ ගැන කතා කරන්න ඕන්නෑ... ඒක වෙලා ඉවරයි... මම ඉක්මනට recover වෙයිනෙ... ඔහොම නෙවේ එයා මාව මැරුවත් මම එයාට ආදරෙයි... මම එයාව දාලා යන්නෑ... එයාට මාව දාලා යන්න දෙන්නත් නෑ..."

මම ඒ කිව්වේ hospital එකට වෙලා හිටපු දවස් තුනට මම හිතපු දේවල්. ඒ හැම දවසකම වගේ අගහස් මාව බලන්න ආවත් මගෙත් එක්ක තනියම කතා කරන්න ආවේ නෑ. සමහර විට එයාගේ guilty feeling එක නිසා වෙන්නැති. මමත් බලෙන් කතා කරන්න නොගියේ එයාට වගේම මටත් වුන දේවල්වල පැටලිලි ලිහාගන්න කාලය ඕනේ වුන නිසා.

𝐃𝐚𝐝𝐝𝐲 𝐈𝐬𝐬𝐮𝐞𝐬 (Ongoing | Sinhala BL)Donde viven las historias. Descúbrelo ahora