බාප්පලා ගිහින් සතියකට විතර පස්සේ අත්තම්මා මාත් එක්ක ගියේ අගහස්ගේ අම්මගේ මල්ලිගේ ගෙදර. එයාලත් කොළඹමයි ඉන්නේ. අගහස්ගේ cousins ලගෙන් මගේ වයසට පොඩ්ඩක් හරි set වෙන කෙනෙක් හිටියේ එහෙ විතරයි. පොඩි මාමාගේ පුතා ෂෙනාල් අයියා මට වඩා අවුරුදු 2 යි වැඩිමල්.
අත්තම්මා පොඩි නැන්දා එක්ක කයියක් ගහන අතරේ මම ෂෙනාල් අයියා එක්ක chat එකක් දැම්මා. එයාට ඉන්නේ අක්කෙක් විතරයි. අක්කා foreign university එකක ඉගෙනගන්නේ. අක්කා මට කියන්නේ "Bold Little One" කියලා. එයාලා දෙන්නම මගෙත් එක්ක සෑහෙන්න fit.
"ගනින්..."
ෂෙනාල් අයියා මට කිව්වේ එයා අතේ තිබ්බ Benson and Hedges cigarette packet එක පෙන්නලා. මම නිතර ඕවා පාවිච්චි නොකලට ඉඳලා හිටලා chance එකක් හම්බුනාම පාවිච්චි කළා ඉතින්. අගහසුත් එහෙමයි. අගහස් නම් out of country business tours ගිහින් එද්දි personal usage එකට පැකට් දෙක තුනක් ගේනවා. එයාගේ brand එක Marlboro. දවස ගානේ ගහන්නේ නැති වුනාට අපි දෙන්නා free weekend එකක beer එකක් ගහද්දි හරි shot එකක් දාද්දි හරි ඒවා පාවිච්චි වෙනවා. මම badminton කරන නිසා nicotine and liquor පාවිච්චි කලේ සාපේක්ෂව සෑහෙන්න අඩුවෙන්.
"ලඟදි කොහේ හරි ගියාද..?"
මම ඇහුවේ cigarette එක පත්තු කරගන්න ගමන්.
"හ්ම්ම්... අක්කි බලන්න ගියා අම්මි එක්ක..."
ෂෙනාල් අයියා දුමක් අතෑරලා කිව්වේ. පොර මේ ටිකේ AL ලියලා ආතල් එකේ ඉන්නවා campus පටන්ගන්නකන්.
"Sorry බන් funeral එකට එන්න බැරිවුනාට... අම්මියි මායි ලංකාවේ හිටියේ නෑනේ... ලොකු අප්පච්චිලගේ අයියලා දෙන්න යන්න ඇහුවම අයියකාරයා එපා කියලා..."
ෂෙනාල් අයියා ලොකු අප්පච්චි කියන්නේ අගහස්ගේ ලොකු මාමාට. එයාට ඉන්නේ පුත්තුම දෙන්නෙක්. බාල එක්කෙනා අගහස්ගේ වයසෙමයි.
"ආවේ නැති එක හොඳයි... නෝවා දැකලත් ගමේ උන් දාහක් ප්‍රශ්න ඇහුවා මගෙන්..."
"නෝවා ආව වෙලේ කිව්වා පොරට සෑහෙන හොඳ experience ටිකක් හම්බුනා කියලා... හොඳ clicks ටිකකුත් තිබ්බා..."
"හ්ම්ම්... එයාලට මම ඇවිදින්න chance හදලා දුන්නා..."
"හ්ම්ම්... Whatever Lihan... මට උඹ එක්ක දෙයක් කතා කරන්න ඕනේ වෙලා හිටියේ..."
STAI LEGGENDO
𝐃𝐚𝐝𝐝𝐲 𝐈𝐬𝐬𝐮𝐞𝐬 (Ongoing | Sinhala BL)
Storie d'amoreDaddy Issues || ඩැඩී ඉෂූස් 💫 "කවුද කියන්නේ Daddy Issues තියෙන්නේ කෙල්ලන්ට විතරයි කියලා..? ඇයි කොල්ලෝ අපිට එහෙම වෙන්න බැරිද..? මට පොඩි කාලේ ඉඳන් ආදරෙන් අඩුවක් නොකරපු ගෑනු ආත්මයක් මගේ ළඟ හිටියා. ඒ මගේ අම්මා... ඒත් මට ඕනේ වුණ ආදරේ හිස්තැන පුරවන්න මගේ...