...ටකස්...
...ටස්...
...ටකස්...
...ටස්...
...ටකස්...
...ටස්...
ඒ සද්දේ ඉවර වුනේ මගේ දූවිලිවලින් වැහුනු සපත්තු දෙක ගාවින්. මූණ බලන කන්නාඩියක් වගේ දිලිසෙන ඒ සපත්තු දෙක දැක්කම නම් මෙච්චර වෙලා තිබ්බ මගේ ගට කකුල් දෙක පල්ලෙන් බේරෙනවා මටම දැනුනා. කෙල ගුලියක් අමාරුවෙන් ගිලින කොට උගුරට මලකඩ රහකුත් දැනුනා. Fuck... කට තුවාල වෙලාද කොහෙද... ඒත් දැන් හානි ගණනය කරන්න පුළුවන් තත්ත්වයක නෙවේ මම ඉන්නේ. දිලිසෙන සපත්තු දෙක තව ටිකක් මගේ ගාවට ආවත් ඔලුව නම් මම උස්සන්නේ නෑමයි කියලා එකසිතින් හිතාගත්තා.
"ලිහාන්..."
කොහෙද... ඒ dominant deep voice එකට මම ගැස්සිලා වගේ ඔලුව ඉස්සුවා නෙවේ මගේ බෙල්ල මට ද්‍රෝහී වෙලා ඔලුව ඉස්සෙව්වා. ඒ තරහා බේරෙන ඇස් උඩ මගේ අසරණ ඇස් දෙක නවතිනකොට කොහෙවත් යන සූ බරකුත් මට load වුණා.
"මේ ලිහාන් සන්සෙව්ගේ අයියද..?"
නලවලා පද්දලා එතනට ආව මලීෂා මිස් ඇහුවේ මගේ දිහා බලලා නෙවේ මගේ ඉස්සරහා හිටපු කෙනා දිහා බලලා.
"නෑ මේ මගේ..."
"මොකක්ද ලිහාන් කරපු වැරැද්ද..?"
සාක්කු දෙකට අත් දෙකත් දාගෙන මට රවලා මම කියන්න ගිය දේ කියන්න නොදී මගින් මැදට පැනපු 'මගේ අයියා' හැරුනේ මලීෂා මිස් දිහාට.
"බලන්නකෝ Mister... මේ ළමයි දෙන්නා ගහගෙනනේ... ඇහුවට හේතුවක් කියන්නෙත් නෑ... ලිහාන්ටත් තුවාලයි... අනික් ගහගත්ත ළමයා සධීරටත් තුවාලයි..."
මලීෂා මිස් ඇස් නටව නටව කිව්වේ කලින් 'මගේ අයියා' වුනු ඊටපස්සේ 'මිස්ටර්' වුනු එයා දිහා බලලා.
"මට Principal ව meet වෙන්න ඕනේ..."
මලීෂා මිස්ගේ ඇස් නැටවිල්ල නොදැක්කා වගේ 'මිස්ටරයා' එහෙම කිව්වා.
'Sorry මිස්... ඔය යකා ඔහොමමයි... මිස් මිස්ගේ සූටි හිත රිද්දගන්නෙපා කොහෙවත් යන මිස්ටරයෙක් නිසා... අපිටත් ඉතින් ඉස්කෝලෙටම බලන්න කියලා ඉන්න එකම කෑල්ල මිස් විතරයිනේ...'
STAI LEGGENDO
𝐃𝐚𝐝𝐝𝐲 𝐈𝐬𝐬𝐮𝐞𝐬 (Ongoing | Sinhala BL)
Storie d'amoreDaddy Issues || ඩැඩී ඉෂූස් 💫 "කවුද කියන්නේ Daddy Issues තියෙන්නේ කෙල්ලන්ට විතරයි කියලා..? ඇයි කොල්ලෝ අපිට එහෙම වෙන්න බැරිද..? මට පොඩි කාලේ ඉඳන් ආදරෙන් අඩුවක් නොකරපු ගෑනු ආත්මයක් මගේ ළඟ හිටියා. ඒ මගේ අම්මා... ඒත් මට ඕනේ වුණ ආදරේ හිස්තැන පුරවන්න මගේ...