Daddy Issues - 02

227 24 9
                                    

ආයේ ටික දවසක් යනකන් සධීරයා මට දුටු තැන රැව්වා මිසක් වචනයක්වත් කියාගෙන ආවේ නෑ. හැබැයි ගෙදරින් මගේ නිදහසට වැට කඩුලු බඳින්න ගත්තා. ගෙදරින් කියන්නේ ඉතින් one and only මගේ daddy තමා. එච්චර දෙයක් කරන්න තරම් වෙන කවුද ඉන්නේ මේ ලෝකේ..? මට public transport පාවිච්චිය සපුරාම තහනම් වුනා. ඉස්කෝලේ යන්න එන්න ඕනේ අගහස් එක්ක. එයාට බැරි නම් එයාගේ අගසව් දෙනම ගෙන් කෙනෙක් හරි අගහස්ගේ driver නිමල් uncle හරි එක්ක විතරයි. කොහොමත් මම කවුද, මම මොනවද මේ කොළඹ ඇවිත් කරන්නේ, ඇයි අගහස් මගේ guardian කියලා කියන්නේ, ඇත්තටම අගහස් මගේ කවුද වගේ ප්‍රශ්නවලට උත්තර හරියටම දැනගෙන හිටිය කීපදෙනා අතරේ මුලින්ම හිටියෙත් ඒ තුන්දෙනා.

මම හිතුවා වගේම සධීරගේ silence එක වැඩි දවසක් තිබුනේ නෑ. කොහොමත් මට තේරිලා තිබ්බේ මන් වෙනුවෙන් අගහස් guardian විදියට එදා ඉදිරිපත් වුන එකට සධීර ඉන්නේ එච්චර හොඳ හිතකින් නෙවේ කියලා. සධීර මේ ගෙන්දගම් පොළොවේ වැඩ දාපු එකෙක් වෙන්නැති. ඒත් ලිහාන් කියන්නේ ජීවිතේ එක්ක අම්බානක කටු කාලා තියන එකෙක්. ඒ නිසා සධීර නිකම්ම පහුබහින්නෑ කියලා මම නිච්චියටම දැනගෙන හිටියේ. ප්‍රශ්නේ තිබ්බේ ඌ ඒකට කොච්චර කාලයක් ගනීද කියන එක විතරයි.

අන්තිමටම හරියටම සතියකින් සධීර ආයේ වැඩ ඇල්ලුවා. මේ ඉස්කෝලේ මට යාළුවො හිටියේ නෑ. එහෙමයි කියලා තරහකාරයෝ හිටියෙත් නෑ. මම මේ ඉස්කෝලෙට ආවේ AL කරන්නනේ. මාව highlight වුනේ first term test එකේ marks දීපුවම. මට subjects පහටම 85 ට වඩා marks තිබ්බා. දෙකකටම 90 ට වැඩියි. ඒ නිසා මට ලේසියෙන්ම class first වෙන්න පුළුවන් වුනා. ඒ වගේම grade එකෙත්. මම ඒකට නිහතමානීව ආඩම්බර වෙන අස්සේ තව කට්ටියකට ඒකට තදටම රිදිලා. මීට කලින් AL වලට ඉස්කෝලෙට පිටින් ආව කෙනෙක් grade first වෙලා නෑලු. ඉතින් වදේ ඒකට මන් මක්ක කොරන්නද..? පාඩම් කළා නම් ඕනේ එකෙක්ට ඕක කරන්න බැරි නෑනේ.

හැබැයි මගේ grade first වීම පිටිපස්සේ රහසක් තිබ්බා. ඒක අල්ලසක්. පිනාටවත් teachers ලටවත් මන් දීපු අල්ලසක් නෙවේ අගහස් මට දීපු අල්ලසක්. අගහස් කිව්වා grade first වෙලා පෙන්නුවොත් මට laptop එකක් අරන් දෙනවා කියලා. මීට කලින් අගහස් OL වල A 9 කට latest iPhone එකක අල්ලසක් දීලා මම සාර්ථකව ඒ අල්ලස දිනාගෙන use කරන ගමන් හිටියේ ඔය වෙද්දිත්. මට ඕනේ වුනේ laptop එකක්. ඒ නිසා මම ඒකට කැපවුනා. අනික මොන දේ කළත් අගහස් මුල් තැන දුන්නේ මගේ studies වලට. අපි living relationship එකක හිටියා කියලා අගහස් මගේ studies වලට බාධාවක් වෙන්න දුන්නේ නෑ. එයා මගේ හැම note එකක්ම check කරනවා. ලේසි නෑ බේරිලා ඉන්න පොර ගෙන්. අනික අගහස් මට පාඩම් කියාදෙන්නත් අමතක කළේ නෑ අච්චර වැඩ අස්සෙත්. එයත් Commerce කරපු කෙනෙක් වගේම ඒ field එකෙන් ඉහලටම ඉගෙනගත්ත කෙනෙක්. ඒකනේ නාකි වෙනකන් marry කරලත් නැත්තේ.

𝐃𝐚𝐝𝐝𝐲 𝐈𝐬𝐬𝐮𝐞𝐬 (Ongoing | Sinhala BL)Donde viven las historias. Descúbrelo ahora