මම හිටියේ ground එක ගාව පරණ bench එකේ වාඩිවෙලා. Journal එක උස්සගෙන ආවට cartoon අඳින්න තරම් මගේ හිත නිදහස් නෑ. මම දන්නවා ලංකාව වගේ රටක මම වගේ අගහස් වගේ අයගේ පැවැත්ම හරිම අවිනිශ්චිතයි කියලා. Homosexual කියන එක අපේ රටේ තියෙන්නේ sexual arrears cover කරගන්න use කරන මට්ටමට දාලා. අගහස් මාව හොයාගන්න කොටත් මම මගේ sexual orientation එක තේරුම් අරගෙන හිටියත් මම අනික් හැමෝගෙන්ම ඒ ඇත්ත හංගගෙන හිටියා. ඒත් අගහස් ගාවදි මට හැංගෙන්න බැරි වුනා. අගහස් ඒක හොයාගත්තා. ඊටපස්සේ අගහස් හරි සූක්ෂ්ම විදියට මාව එයාගේ ඇස් යටට ගත්තා.
ඒත් තාම හැමදේම okay නෑ. එහෙම නේද..? ඒකනේ අපි වගේ අයට හිතේ සැනසීමෙන් ජීවත්වෙන්න බැරි. අගහස්ගේ සල්ලි එයාගේ පවුලේ තත්ත්වය එයා ගොඩනගාගෙන තියන බලය එක්ක මිනිස්සු කවුරුවත් එයා ගැන ඇත්ත දැනගත්තට එයා ඉස්සරහා ඒකට bad reactions දෙන්න යන්නෑ. ඒත් මම තවම එතනට එන්න හිතලවත් නෑ. අගහස් නිසා කවුරුවත් මගේ මූණ ඉස්සරහා ඇඟිල්ල දික් කලේ නැතුවට හුඟක් අය ඒක දකින්නේ අගහස්ගේ සල්ලිවලට මම එයාට යටවෙනවා කියලා. ඒත් ඇත්තම කතාව මම පලවෙනි පාරට එයාගේ ඇඟට යටවෙද්දි හිතාගෙන හිටියේ එයා එයාගෙම company එකේ work කරන employee කෙනෙක් සාමාන්‍ය පවුලක කොල්ලෙක් කියලා.
දෙව්ලිවත්, කෙත්මිවත් මගේ sexual orientation එක හෝ මගෙයි අගහස්ගෙයි relationship එක හෝ දැනගත්ත එක නෙවේ මගේ හිතට වදදෙන ප්‍රශ්නයක් වුනේ. එවෙලේ බය අස්සෙත් දෙව්ලිගේ ඇස්වල ඇඳුන අප්පිරියාව... මට මිනිස්සුන්ගේ feelings කියවන්න special power එකක් නැතත් ඒ ඇස්වල තිබ්බ පිළිකුල මට දැනුනා. ඇයි එහෙම..? මොකක්ද වරද..? අවුරුදු පහළොවක් තිස්සේ හොයපු විදියේ ආදරයක් හම්බුනාම එතන නැවතුන මම වැරදිද..?
"ලිහාන්..."
මගේ කල්පනා ලෝකේ බිඳුනේ මගේ නම කවුරු හරි කිව්ව නිසා. මම ඔලුව උස්සලා බලද්දි කෙත්මි ලස්සන හිනාවකුත් එක්ක මගේ දිහා බලාගෙන හිටියා.
"ඔයා වැඩකද ඉන්නේ..? මට ටිකකට කතා කරන්න පුළුවන්ද ඔයා එක්ක..?"
කෙත්මි අහද්දි මගේ heartbeat එක පපුව පුපුරන්න තරම් speed වුනා. ඒත් මට ප්‍රශ්නවලින් පැනලා ගිහින් පුරුද්දක් නෑ.
YOU ARE READING
𝐃𝐚𝐝𝐝𝐲 𝐈𝐬𝐬𝐮𝐞𝐬 (Ongoing | Sinhala BL)
RomanceDaddy Issues || ඩැඩී ඉෂූස් 💫 "කවුද කියන්නේ Daddy Issues තියෙන්නේ කෙල්ලන්ට විතරයි කියලා..? ඇයි කොල්ලෝ අපිට එහෙම වෙන්න බැරිද..? මට පොඩි කාලේ ඉඳන් ආදරෙන් අඩුවක් නොකරපු ගෑනු ආත්මයක් මගේ ළඟ හිටියා. ඒ මගේ අම්මා... ඒත් මට ඕනේ වුණ ආදරේ හිස්තැන පුරවන්න මගේ...