Daddy Issues - 05

167 20 12
                                    

අවුරුද්දක කාලයක් ඇතුලත මම කොච්චර අගහස්ගේ ලෝකේ සැපට හුරුවෙලාද කිව්වොත් ගෙදර ඇවිත් ගමන් මහන්සියට නිදාගන්න හැදුවට නින්ද ගියෙත් නෑ මට. මෙහෙ ඉතින් පැදුරු මිසක් hybrid mattress නෑනේ. බුදු ගේමක් දීලා යාන්තන් ඇස් පියවීගෙන ආවා විතරයි.

"කෝ අර කොළඹ ගිය එකා..? ඌට දැන් ගෙදරක්වත් මතකද දන්නෑ..."

ඒ සද්දේ තාත්තගේ. කටහඬින් කියන්න පුළුවන් කරටි කැඩෙන්න ගහලා කියලා.

"කෑගහන්නෙපා... මද්දු මේ මෙච්චර වෙලා ඉඳලා නිදාගන්න ගියා විතරයි... ගමන් මහන්සියෙන් හිටියේ..."

අම්මා හෙමින් තාත්තව ශේප් කරන්න හදනවා. මද්දු කියන්නේ මට ගෙදරට කියන නම.

"ඇයි ඌ මහ ඒජන්තද..? කාර් බාර්වලින් ගමේ ආවා කියලා ඌ හෙන ලොක්කෙක් කියලද හිතන් ඉන්නේ..?"

මම ගමේ ආවේ අගහස්ගේ car එකක නිමල් uncle එක්ක. ගමට ආවට පස්සේ අතරමග කොහෙන්වත් බැස්සේ නැත්තේ ඕවා මිනිස්සුන්ට දවස් ගණන් කුණු අපුල්ලන්න තරම් මාතෘකා වෙනවා කියලා දන්න නිසා. ඒ නිසා නිමල් uncle ට කලින්ම කිව්වා ගෙයි මිදුලට යනකන් අතරමග කොහෙවත් නවත්තන්නෙපා කියලම.

"මද්දු වරදක් කලේ නෑනේ... ඔය එක එකා කියන කතා අහලා මාස ගානකින් ගෙදර ආපු එකාගේ හිත රිද්දන්නෙපා..."

අද වෙනදා තරම්ම බීලත් නෑ වගේ. නැත්නම් අම්මා ඔහොම කතා කරන්නෑ කරබාගෙන ඉන්නවා මිසක්. මම පොරෝගෙන හිටපු රෙද්දත් පැත්තක දාලා පැදුරෙන් නැගිටලා සාලෙට ගියා. මන් යද්දි තාත්තා සාලේ කෑල්ලේ තියන පරණ සෝපාවේ වාඩිවෙලා ඉන්නවා. පොඩි නංගි අම්මගේ කකුල් අස්සේ හැංගිලා. අම්මා හිටියේ බිත්තියකට පිටදීලා හිටගෙන.

"තාත්තේ..."

මමම කතා කළා.

"ආහ්... මේ එන්නේ රට අල්ලන්න ගිය එකා..."

මම දන්නවා මම කොළඹ ගිය එකට තාත්තා අකමැති කියලා. OL ලියලා මම යන්න ලෑස්ති වෙද්දි රණ්ඩු ඇල්ලුවා. Results ආවට පස්සේ අපේ coach සර්යි මගේ 11 වසර පන්තිභාර සර්යි පන්සලේ ලොකු හාමුදුරුවෝ එක්ක ගෙදරටම ඇවිත් කතා කරලා යාප්පුවෙන් තමයි මාව කොළඹ යවන්න තාත්තව කැමති කරගත්තේ. අගහස් කොහොමත් පිළිවෙලට වැඩ කරන මනුස්සයා. එයා මෙහෙන් මාව ගෙනිච්චේ guardian විදියට මගේ legally custody එක එයා අතට අරගෙනමයි. අගහස් කිව්වා එහෙම නොකර තාත්තව කවුරු හරි ඉරිසියාකාරයෙක් අවුස්සලා අගහස්ට විරුද්ධව case එකක් file කලොත් එහෙම ප්‍රශ්න ගොඩක් වෙන්න පුළුවන් කියලා. අනික තාත්තත් එහෙමට මිනිහා. කොහොමත් මම underage තාම.

𝐃𝐚𝐝𝐝𝐲 𝐈𝐬𝐬𝐮𝐞𝐬 (Ongoing | Sinhala BL)Onde histórias criam vida. Descubra agora