වැව ගාවට එනකන්ම බාබු අප්පුට තනි රැක්කේ ය. ඒ කාලය පුරාවටම අප්පු අබු සමගින් හුරතල් වෙන්නට උනේ පිටු පසින් එන බාබුගේ ඉරිසියාවෙන් හිනි වූ දෑස නොදැකයි.. නමුදු බාබු වචනයක් හො නොකීවේ ය..
දෑසින් බාබුට සමුදුන් අප්පු හවස් වි ගෙන එන නිසාවෙන් විගහට ගේ දිහාට ගෑටුවේ ය.. ඉස්තෝප්පුවේ උන් නැටුම් ගුරුන්නාන්සේ දැක හේ හිටි තැනම ගල් වුණි.
"අප්පුවෝ?!""අ-අප්පොච්චා.... හ්..."
"ආවද? ආවද? කෝ මෙහෙ වරෙන්!!" එකවරම ගේ ඇතුලේ ඉදන් ආවේ අප්පුගේ මව් විය.. අතේ වූ කොට්ටත් එක්ක ඕ එලි බැස්සත් අප්පු අතේ වූ මුව පැටියා දැක ඇය නැවතුනි. "කොහෙන්ද මේ අප්පුවෝ?!"
අප්පු අහිංසක හිනාවක් දැම්මේ ය.. " පස්සේ කියන්නම්කො අම්මට.. මේ... කෝ නගා? " අප්පු ඇහුවේ හොරෙන් මෙනි. කෝටුව නිසැකවම තමාට තලන්න ගෙනාව බව දැන අප්පු විගහට කතාව මාරු කලේ ය...නැටුම් ගුරුන්නාන්සේ මුවින් සමච්චල් හිනාවක් පිට කලේ ය.. මව් ද සැක බැල්මෙන් අප්පු දිහා බලා අරලියාට කතා කලා ය.
"මෙහෙ වරෙන් කෙල්ලේ.... මේ අයියා කතා කරනවා..!"
"මට බැරුව! මන් තරහයි ඔය උගුඩුවා එක්ක!" අරලියා කෑගැහුවේ ගේ ඇතුලේ ඉදන්ය.
අප්පුද සිනාවක් පා අරලියා සොයා ගෙට වුවේ ය.
"ඕයි!!" තමාට පස්ස හරවන් ඉන්න අරලියාට හේ කතා කලේ ය. " මේ බලපං!! බඩ්ඩක් ගෙනාව.. ""මට ඕන් නැතුවා!!!
අප්පු තම නැගණියගේ කොන්ඩෙන් ඇද තමන් දිහාට හරවා ගත්තේ ය.. ඕ වේදනාවෙන් හැරුනත් අප්පු ලග උන් මුව පැටවා දැක නැගිට්ටා ය. " මේ කොහෙන්ද? අනේ... අයියන්ඩි....!!! දෙයියනේ.....ඌ තාම පැටියෙක් නොවැ? කෝ ඌගෙ අම්මා?!"
"උබට ඒ පැහිච්චකම් වලින් වැඩක් නැතුවා! උබේ නෙවේ මේකා මොනා උනත්.."
"අනේ හිටහන්... කෝ... බලන්න...කියන්නකෝ අයියන්ඩි... කොහෙන්ද මේකව?"
"හැබෑවටම අප්පුවෝ... කොහෙන්ද?" අප්පුගේ මව් ද ඇහුවේ අප්පු යටි තොල හපා ගනිද්දීයි.. ඔහුට බේගලයක් ඇද බෑමට අවැසි නොවිනි.. ඉදින් හේ අඩ සත්යක් කීමට සිතුවේ ය..හේ හොරැහින් තම අප්පොච්චා දිහා බැලුවේ ය.
