chapter 18

230 18 2
                                    

අද club එකේ perform කරන හතරවෙනි දවස....අදත් management එකේ කට්ටිය එනවලු.කලින් ආපු දවසේ නම් බෑන්ඩ් එක්කුත් ඇවිල්ල තිබ්බා....අද වැඩිය කට්ටිය නැතුව ඇති.දැන් මෙහෙ දෙතුන්දෙනෙක් පොඩ්ඩක් පොඩ්ඩක් මාව අදුරනවා. හේෂාන් අයියත් සෙනුදියා වගේම තමා.ආතල් පොරක්.එයාත් ඉක්මනට මාත් එක්ක ෆිට් උනා.

Mmm....නැත්තෙමත් නැහැ කට්ටිය.දැන් මේ කතා ටික ඉවර වෙන්න එපැයි මන් perform කරන්න.... හෝල් එක වටේ ස්කෑන් කරන් යනකොට එකපාරට අකුණක් වැදුණා වගේ feeling එකක් එද්දී මන් ආපහු කඩාගෙන බිඳගෙන backstage එකෙන් දිව්වෙ හේෂාන් අයියා ගාවට

"අයියෙ!! අනේ පොට්ට වෙලා යන්න හරි කමක් නැහැ එක එක විදියට මාව අදුරගන්න බැරි වෙන්න lights දාන්න බැරිද? ප්ලීස්"

"මේ මොකද මේ? අවුලක්ද?"

පොර කම්පියුස්

"අවුලක්.සෑහෙන්න ලොකු අවුලක්.please අයියෙ මට මාස්ක් එකක් දාගෙන යන්න බැරිද එක්කෝ?එක්කෝ performance එක cancel කරලා ම දාන්න "

"එහ්? අශිනි මොකද මෙච්චර බයවෙලා? අන්න දැන් වෙලාවත් හරි.ඔන්න ඔය බය පැත්තකට දාලා යන්න අනේ.මෙතන බයවෙන්න දෙයක් නැහැ"

"ඒත් - හ්ම්...."

වෙන මඟුලක් නෙවෙයි, අම්මව මරාගත්ත එකා ඉස්සරහම පුටුවේ.ආයේ ජීවිතේට ඒ මූණ දකින්න මට උවමනාවක් තිබුණේ නැහැ..කිසි තැනකට ප්‍රශ්නේ ගැන රිපෝට් නොකලේත් ඒ මනුස්සයා ජීවත් වෙනවා කියලා මන් අමතකම කරලා දාන්න ඕන නිසා.අද මේ වෙලාවෙම මෙතනනේ..ෂිට්..බයට නෙවෙයි මන් කලබල වෙලා ඉන්නෙ, ඒක කේන්තිය,අප්පිරියාව වගේ දෙයක්.... වොයිස් එකත් වෙව්ලයි ද මන්දා.....intro එක ප්ලේ කරලා බලද්දී ඒ මනුස්සයා කෙලින්ම මගේ මූණ දිහා බලන් ඉන්නවා කන්න වගේ.සින්දුව ඉවරවෙන්න ලං වෙනකං ම මන් ඒ පැත්ත ආයේ බැලුවේ ම නැහැ.වෙනදා එන ලස්සන tone එකත් අද voice එකේ නැහැ....ආයේ ටිකකින් බලද්දී දෙයියනේ කියලා ඒ මනුස්සයා ගිහින් තිබ්බා.thank god! දකින ගානට මට කේන්තියි ඒ මූණ.සින්දුව ඉවරවෙල ඇස් දෙක පියාගත්තා.

ඇස් දෙක පියාගෙන තප්පරයක් යන්නත් කලින් වටපිටාවේ වෙනසක් දැනුනත් ඒ මොකද්ද බලන්න කලින්ම යකඩ වගේ අත් දෙකක් මගෙ මූන ම cover වෙන විදියට තද කරලා අල්ලගෙන ගිටාර් එක ඇදලා ගලවලා දැම්මේ ටාන් ගාලා සද්දයක් එක්ක. ඒක කැඩුණ ද?!!මන් දගලලා ගැලවෙන්න හැදුවත් ඇස් අරින්නත් බැහැ,කතා කරන්නත් බැහැ.දෙයියනේ මේ මොකද්ද මේ වෙන්නේ? පොඩ්ඩක් ඉන්න...මේ අමුතු සුවද...සිහිය විකල් වීගේන එනවා වගේ තේරෙද්දි මට අන්තිමට දැනුනේ stage එක කඩන් පහලට වැටුණා වගේ දෙයක්....

රිද්මය(GL)Where stories live. Discover now