ජන්කුක් ගෙ කරදරය නිසාම විනාඩි විස්සෙ ගමන විනාඩි 13කින් වගේ යුන්ගි එද්දි ජන්කුක් හිටියෙ නොයිවසිල්ලෙන්. යුන්ගි වාහනේ නැවැත්තුවත් එක්කම වාහනෙන් බැහැලා ජන්කුක් ශොපින් මෝල් එක ඇතුලට දිව්වෙ තේ-හියුන් යුන්ගි ට ඉක්මනට වාහනේ පාක් කරලා එන්න කියලා ජන්කුක් පස්සෙ දුවද්දි. ශොපින් මෝල් එක ඇතුලට දුවන් ආව තේ-හියුන් වටපිට බැලුවෙ ජන්කුක් කෝ කියලා. ජන්කුක් තියා ජන්කුක් ඇදන් ආව ඇදුමෙ පාට වත් ඇදපු කෙනෙක් නැති උනාම තේ-හියුන් හිටියෙ කේන්තියෙන් වගේම බයෙන්. ඒත් එක්කම තේ-හියුන් ට මතක් උනා මිස්ටර් ජියෝන් දවසක් ජන්කුක් ගෙ නම්බර් එක තමන් ට දුන්නා නේ ද කියලා. තවත් පරක්කු නොකරම ජන්කුක් ගෙ නම්බර් එක ඩයල් කරපු තේ-හියුන් phone එක කනේ තියා ගත්තා.
"හෙලෝ..."
ලතාවකට ජන්කුක් ගෙ කටහඬ ඇහෙද්දි තේ-හියුන් සැනසුම් හුස්මක් පහලට දැම්මෙ ජන්කුක් ට කරදරයක් නෑ කියලා හිතන්.
"මොන මගුලක ගියා ද ජන්කුක්...??? තමුසෙ ගෙ පරිස්සමට මාව එව්වෙ නැතුව මගෙ පරිස්සමට තමුසෙව එව්වා නෙවෙයි. මේ දැන්ම ඉන්න තැනින් එනවා ගෙදර යන්න. මොන ශොපින් වත් ඕන නෑ."
"මොකද තේ-හියුන් කෑ ගහන්නෙ...??? මං සෙකන්ඩ් ෆ්ලෝ එකේ ඉන්නේ ඔහොම්ම උඩ බලන්න මට ඔයාව පේනවා."
තේ-හියුන් උඩ බලද්දි ජන්කුක් තේ-හියුන් ට අත වැනුවෙ තේ-හියුන් රවලා phone එක කට් කරද්දි. ඒත් එක්කම යුන්ගි එතනට දුවන් ආවෙ තේ-හියුන් උඩට යන්න පඩිපෙළ ලගට යද්දි.
"සුදු හැපින්න කෝ බං...???"
යුන්ගි හද්දි තේ-හියුන් ජන්කුක් දිහාට ඇගිල්ල දික් කලේ යුන්ගි ඒ දිහා බලද්දි. තව ගෑණු ළමයෙක් එක්ක හිනා වෙවී කියවන ජන්කුක් දැක්කම යුන්ගි ත් හුස්මක් පහලට දැම්මා. ජන්කුක් ට තිබ්බ තර්ජන ඉවර උනත් තේ-හියුන් වගේම යුන්ගි ට ඕන උනේ නෑ ආපහු රිස්ක් එකක් ගන්න. මොකද සිද්ද උන දේවල් වලින් ඒ දෙන්නම හොදටම හෙම්බත් වෙලා හිටියෙ.
තේගී දෙන්න ලගට ආවම ජන්කුක් තමන් ගෙ යාලුවා උන ජිමින් ගෙ අතින් අල්ලන් ඉස්සර උනේ කාලෙකින් ශොපින් ආව සතුටට. ජිමින් කියන්නේ ජන්කුක් ගෙ university එකේ යාලුවෙක්. ඒ වෙද්දිත් ජිමින් මැරි කරලා හිටිය නිසා ජන්කුක් ට විතරයි ගොඩක් වෙලාවට ප්‍රේම යෝජනා ආවෙ. ඒත් ජන්කුක් කියන්නේ එහෙම ලේසියෙක් කොල්ලෙක්ට අල්ල ගන්න පුළුවන් කෙනෙක් කියලා හිතුව ද...??? නෑ ඒ නිසාම ජිමින් ට ගොඩක් වෙලාවට උනේ ජන්කුක් පිරිමි ළමයි එක්ක රණ්ඩු වෙද්දි රණ්ඩු බේරන්න. කොච්චර හොද යාලුවෙක් උනත් ජිමින් ගෙ හස්බන් ව ජන්කුක් කවදාවත් දැකලා නෑ. මොකද ජිමින් ගෙ හස්බන් ඒ වෙද්දි හිටියෙ ජපානෙ නිසා.
![](https://img.wattpad.com/cover/370650208-288-k915846.jpg)
YOU ARE READING
Bodyguard (Taekook) ✅
Fanficඅකමැති උනත් දෛවය වෙනස් කරන්න කාට ද පුළුවන්. ජීවිතේ වෙන්න තියෙන හැමදේම කොහොම උනත් සිද්ද වෙනවා. එන්න... ජන්කුක් ගෙ ජීවිතේ කොයි විදිහට වෙනස් වෙයි ද කියලා අපි බලමු... Top : Taehyung Bottom : Jungkook Start date : 10 June 2024 End date : 19 Ju...