ඔලුවෙන් වගේම මුළු ඇගෙන්ම දැනෙන වේදනාව නිසා තේ-හියුන් ඇස් ඇරියෙ හරි අමාරුවෙන්. ඇස් පිහාටු ඇස් දෙකට ඇලිලා වගේ දැනෙද්දි තව ටිකක් නිදිය ගන්න ඕන උනත් මුත්‍රාශය පිරිලා කියලා වෝර්නින් එකක් එද්දි ඒක ඉතිරිලා යන්න කලින් තේ-හියුන් ට ඇදෙන් නැගිටින්න ඕන උනා. බැන්ඩේජ් කරලා තියන අත හොලවන්න බැරි නිසා අනිත් අතින් ඩි* එක පොඩ්ඩක් තද කර ගත්ත තේ-හියුන් දැනුන ස්පර්ශයට හිමීට කෙදිරිලි තිබ්බා. ඒත් එක්කම තේ-හියුන් ගැස්සිලා එතනින් අත අයින් කර ගත්තේ ඇහුන කටහඬ ට.
"ආහ් මිස්ටර් බොඩිගාඩ් නැගිටලා වගේ. දැන් කොහොම ද ඉතිං...???"
"ජ... ජ... ජන්කුක් සර්..."
"ඔව් ඔව්. ජන්කුක් තමයි. මොකද තේ-හියුන් බය වෙලා වගේ...???"
ඇස් ලොකු කරන් තමන් දිහා බලන් ඉන්න තේ-හියුන් ව දැක්කම ජන්කුක් හිනා වෙලා ඇහුවත් තේ-හියුන් දඩිබිඩියෙ නැගිටින්න හැදුවා. කලබලේට නැගිටින්න හැදුවට අත කකුල හෙලවෙද්දි තේ-හියුන් ට දැනුන වේදනාවට ඒ වෙලාවෙ මුත්‍රාශය පුපුරන්න එනවා කියලා හිතුනෙ. කොහොම හරි අමාරුවෙන් ඇදේ ඉද ගත්ත තේ-හියුන් කකුල් දෙක හිමීට පහලට දාලා නැගිටින්න හැදුවෙ තව ටිකක් හිටියොත් ඇදත් එක්කම සෝදන්න වෙන නිසා.
තේ-හියුන් නැගිටින්න හදනවා දැක්ක ජන්කුක් ඉක්මනට නැගිටලා ගියෙ ඔහොම ගියොත් තේ-හියුන් නැගිටින එක කෙසේ වෙතත් හොම්බ කට තලා ගන්න නිසා. තේ-හියුන් ගෙ අතින් අල්ලලා ඇගට හේත්තු කරන් හිමීට නැගිට්ටවපු ජන්කුක් තේ-හියුන් දිහා රවලා බැලුවා.
"පිස්සු ද තේ-හියුන්... කොහෙ යන්නද මේ නැගිට්ටෙ...???"
"ව්... වොශ් රූම් එකට යන්න ඕන ජන්කුක් සර්."
"ඉන්න මං උදව් කරන්නං."
"න්... නෑ නෑ ජන්කුක් සර්. පුළුවන් නං යුන්ගි ට කතා කරන්න. නැත්තං මට පුළුවන් තනියම යන්න."
"තනියම යන්න...??? විහිළු කරන්න එපා තේ-හියුන්. තනියම කෙලින් හිට ගන්නවත් බැරුව කොහොම ද තනියම යන්නෙ. අනික යුන්ගි ද බුංගි ද ගියා ඔයා ගෙ බෙහෙත් ටික ගේන්න. දැන් පණ්ඩිතකම තියලා එනවා මං එක්කන් යන්නං."
YOU ARE READING
Bodyguard (Taekook) ✅
Fanfictionඅකමැති උනත් දෛවය වෙනස් කරන්න කාට ද පුළුවන්. ජීවිතේ වෙන්න තියෙන හැමදේම කොහොම උනත් සිද්ද වෙනවා. එන්න... ජන්කුක් ගෙ ජීවිතේ කොයි විදිහට වෙනස් වෙයි ද කියලා අපි බලමු... Top : Taehyung Bottom : Jungkook Start date : 10 June 2024 End date : 19 Ju...