"ජන්කුක්... ජන්කුක්..."
ඉක්මනට ඇස් ඇරපු ජන්කුක් දොර දිහා බැලුවෙ තමන් ගෙ මමා කතා කරන සද්දෙට. ඒත් තේ-හියුන් ට නං ඒ ගැන කිසිම ගානක් නෑ වගේ. මොකද ඇත්තටම බැලුවොත් ජන්කුක් ගෙ සිහියෙන් ඉන්න තේ-හියුන් ට බාහිරින් ආව කිසිම සද්දයක් ඇහුන් නෑ කිව්වොත් තමයි හරි.
"හියුන්ගී... අහන්න. ආහ්... තේතේ ඔයා යන්න ඕන... හපන්න එපා මෝඩයෝ... නැගිටින්න..."
"ආහ්හ්හ්... බේබි නෝ... මට ඔයාව ටේස්ට් කරන්න දෙන්නකො. මට බෑ."
"ජන්කුක්... ඕපන් ද ඩෝර්..."
මිසිස් ජියෝන් දොරට ගහන ගමන් කෑ ගහද්දි ජන්කුක් උත්සාහ කලේ තේ-හියුන් ගෙ ඔලුව තමන් ගෙ ඇගෙන් අයින් කර ගන්න. ඒත් තේ-හියුන් එක්ක හැප්පෙන්න ජන්කුක් ට පුළුවන් ද... ජන්කුක් කොච්චර තේ-හියුන් ව තමන් ගෙ ඇගෙන් අයින් කරන්න හැදුවත් කොහොල්ලෑ ගුලියක් වගේ තේ-හියුන් ජන්කුක් ට ඇලිලා.
"තේතේ ප්ලීස්... අපිව අහු උනොත් ඔක්කොම ඉවරයි. යන්න යන්න... ඉක්මන් කරන්න..."
බලෙන්ම තේ-හියුන් ව ඇදෙන් නැගිට්ටවන් ජනේලෙ ලගට ඇදන් ආව ජන්කුක් තේ-හියුන් ට බෙග් කරන්න ගත්තේ මේ වෙලාවෙ දෙන්නම කල්පනාවෙන් වැඩ කරන්න ඕන නිසා. ඒත් තේ-හියුන් නං ඉන්නෙ මේ ලෝකෙ සිහියකින් නෙවෙයි. අන්තිමට ජන්කුක් තේ-හියුන් ගෙ අතක් හයියෙන් කෙනිත්තුවහම තේ-හියුන් හරි සිහියට එනවා.
"ආහ්හ්හ්... හරි හරි මං යන්නං. තල්ලු කරන්න එපා. මුලින්ම මට ගුඩ් බායි කිස් එක දෙන්න. එතකොට මං යන්නං."
කියන දේ කරනකල් තේ-හියුන් ඔතනින් හෙලවෙන් නෑ කියලා දන්න නිසාම ජන්කුක් තේ-හියුන් ගෙ තොල් වලින් පුංචි සිපුමක් තිබ්බෙ තේ-හියුන් ඇස් උඩට රෝල් කරද්දි. කිස් එක දීලා ආපහු තමන් ව තල්ලු කරන ජන්කුක් ගෙ ඉනෙන් අල්ලලා ලගට අරන් තමන්ට ඕන විදිහට කිස් එක ගත්ත තේ-හියුන් ජනේලෙන් එළියට බැස්සෙ ජන්කුක් ඔහු යන දිහා බලන් ඉද්දි. මේ මාර්ගය තේ-හියුන් ට පුරුදු නැති මාර්ගයක් නෙවෙයි. ජන්කුක් ගෙ ගෙදර ඩියුටි ඉවර උන දවසෙ ඉදන් පුළුවන් හැමදාකම තේ-හියුන් මේ විදිහට ජන්කුක් ගෙ කාමරේට පනිනවා. පරිස්සමෙන් තේ-හියුන් තාප්පෙන් පනිනවා බලන් හිටිය ජන්කුක් ජනේලෙ වහලා ඇදුම හදාගෙන කොන්ඩෙත් හදා ගත්තේ තව ටිකක් වෙලා ගියොත් මමා දොර කඩයි කියලා බයට.
YOU ARE READING
Bodyguard (Taekook) ✅
Fanfictionඅකමැති උනත් දෛවය වෙනස් කරන්න කාට ද පුළුවන්. ජීවිතේ වෙන්න තියෙන හැමදේම කොහොම උනත් සිද්ද වෙනවා. එන්න... ජන්කුක් ගෙ ජීවිතේ කොයි විදිහට වෙනස් වෙයි ද කියලා අපි බලමු... Top : Taehyung Bottom : Jungkook Start date : 10 June 2024 End date : 19 Ju...