Lunch

180 28 2
                                    

අට යි තිහ වෙද්දි ජන්කුක් ගෙ මැන්ශන් එකට ආව යුන්ගි තේ-හියුන් ව හොය හොය මැන්ශන් එක ඇතුලට ඔලුව දැම්මෙ දැම්මම යන්නෙ නැද්ද අහන්න. ඇස් දෙක හතර අතේ කරකවලා තේ-හියුන් ව හොයා ගන්න නැති තැන ආපහු යන්න හදද්දි තමයි යුන්ගි breakfast ගන්න තේ-හියුන් ව දැක්කකෙ. තේ-හියුන් ගෙ අතේ තියන පෑන් කේක් එක දැක්ක යුන්ගි ට ඊළඟට තමන් ඉන්නෙ කොහෙද කියලත් අමතක වෙන්න ගියෙ තත්පර ගානයි.

"අඩෝ තේ-හියුනා තෝ තනියම කනව ද...???"

කියලා අහන් යුන්ගි තේ-හියුන් ලගට දුවද්දි යුන්ගි ගෙ සද්දෙට ගැස්සුන තේ-හියුන් හැරිලා බලලා ඇස් වලින් කෙනෙක් ව පෙන්නුවා. ඒත් පෑන් කේක් එකේ ඇස් අලවන් ආව යුන්ගි ට ඕක පෙනෙයි ද...

"මොකද උඹ ඇස් කරකවන්නේ...??? මාව කෙල්ලෙක් වගේ පේනවද...??? අඩෝ මේ මං කලිනුත් කිව්වා තනිකඩව හිටියත් තෝ වගේ එකෙක් එක්ක සෙට් වෙන් නෑ කියලා."

"බොස් ඉන්නවා උලමෝ..."

"කවුරු ඉන්නවා... ඇහෙන්න කියහන් කො ගෑණු ළමයා වගේ කුටු කුටු නොගා. මොකද උඹට ජන්කුක් සර් ගෙ කුටු කුටු ව බෝ උනා ද...??? පොඩ්ඩක් හිටහන්... ඒක බෝ වෙන්න ලගට යන්න එපැයි. එතකොට උඹයි..."

කියලා යුන්ගි කියද්දි තේ-හියුන් නැගිටලා යුන්ගි ගෙ කට වැහුවෙ තව ටිකක් වෙලා ගියොත් මේකා මොනා කියවයි ද කියලා ශුවර් නැතුව. යුන්ගි ගෙ කට වහන්ම මිස්ටර් ජියෝන් ගෙ පැත්තට හැරුන තේ-හියුන් ඔලුව නවලා සමාව ගත්තා. තේ-හියුන් ගෙ මේ වැඩේ නිසා confuse උන යුන්ගි ඒ වෙලාවෙ තමයි තේ-හියුන් ගෙ අත අයින් කරලා හැරිලා බැලුවෙ කවුද ඉන්නෙ කියලා.

"බ්... බ්... බොස්... ම්... මම්... මේ..."

"ඔය කිව්ව දේවල් ගැන මට පස්සෙ උත්තර දෙන්න ඕන කියලා හිතන් තමුනුත් දැන් breakfast ගන්නවා යුන්ගි."

ඇස් දෙකත් ලොකු කරන් කට ඇරන් ඉන්න යුන්ගි ගෙ මූණ දිහා බලන් හිටිය තේ-හියුන් ට නං හිතුනෙ යුන්ගි කියන්නෙ ඉල්ලන් කන්න උපන් හපන් එකෙක් කියලා. තේ-හියුන් ට රවන ගමන් කෑම ටික කෑව යුන්ගි මිස්ටර් ජියෝන් අහක බලා ගන්න කල් ඉදලා මැන්ෂන් එකෙන් එළියට පැන ගත්තා. හැබැයි යුන්ගි දන්නෙ නෑ යුන්ගි ගෙ හැම movement එකක් දිහාම එයා ගෙ බොස් බලන් හිටියා කියලා.

Bodyguard (Taekook) ✅Where stories live. Discover now