7

526 107 185
                                    

යශ්... ඒෂාල් යශේන්ද්‍ර...

කොල්ලගෙ කරල් ගණනාවක ගොතලා තිබුණු දිග කොණ්ඩෙ ලිහලා දාලා... වුල්ෆ් කට් එකට හැඩවෙලා තිබුණු ඒ කොණ්ඩෙ පුංචි කොටසක් උඩට අල්ලලා ගැටගහලා තිබුණා...
කොල්ලා හිටියෙ මේ දැන් වොශ් එකක් දාගෙන බාතෲම් එකෙන් එළියට ඇවිත්... පොරගෙ ඇඟට තිබ්බ එකම ඇඳුම පොඩි ශෝට විතරයි.. ඒ විසාල කාමරේ මැද ,ඩබල් ඇඳ උඩ තිබුණු යශ්ගෙ ෆෝන් එක දෙතුන්සැරයක් රින්ග් වෙද්දි කොල්ලා හනිකට ඇඳට පැනලා ඒක අතට ගත්තා...


"බේයි...බි...."

ඒක වීඩියෝ කෝල් එකක්... කෝල් එක ගත්ත පමාවට යශ් මූණ හිනාවකින් පුරවගෙන ආදරණීය ස්වරයෙන් කතා කළා... ඒත් ඒ කෝල් එකේ හිටපු කෙනාගෙන් ප්‍රතිචාරයක් ලැබුණෙ නම් නෑ..

"මගෙ චූටික්කි බයි කාලද ඉන්නෙ ම්ම්ම්??"

ඇඳේ හාන්සිවුනු යශ් කම්මුලට අතකුත් තියාගෙන කෝලම් විදිහට අහද්දි එහාපැත්තෙන් ඇහුනෙ මැදිවියේ ගෑනු කෙනෙක්ගෙ අහිංසක හිනා හඬක්... ඒ ගැහැනු හඬම යශ්‍ට උත්තර දුන්නා...

"චූටික්කි ඩැඩීට කියන්න බයි කාලා ආප්පීනුත් කෑවා කියලා..."

වීඩියෝ කෝල් එකේ හිටියෙ අවුරුදු හතක විතර පොඩි දරුවෙකුයි මැදිවියේ ගැහැණු කෙනෙකුයි... යශ් හරි ආදරණීය විදිහට බලන් හිටියෙ පොඩි දරුවා දිහා... චූටි පැටික්කි නම් ෆෝන් එක ඇතුළෙන් හරි යශ් ගාවට එන්න පුලුවන් ද බලනවා වගේ යශ් දිහා ඇසුත් ලොකු කරගෙන බලන් ඉන්නවා...

"මගෙ සත්තරන් නේ... සෑ වෙලානෙ වස්තුව... අනෝමා අම්මා බෙහෙත් ටික දුන්නද බේබිට?"

"ඔව් චූටි මහත්තයා... කාලා බීලා බඩත් පුරෝගෙනනෙ ඉන්නෙ චූටි කුමාරි අපේ..."

යශ් කෙල්ල දිහා බලාගෙන හිනාවෙලා තොල් උල් කරලා කිස් දෙනවා වගේ කරද්දි කෙල්ල හුරතල් විදිහට හිනාවුණා...
කතා කර කර, යශ්ගෙ හුරතල් විහිලු අස්සෙම විනාඩි පහළවක් විතර ගතවුණා... කෙල්ලට ඩැඩී දිහා බලන් ඉන්දෙද්දිම නින්ද යද්දි යශ් අනෝමා අම්මටත් ගුඩ් නයිට් කියලා කෝල් එක තිබ්බා...

ඒ මූණෙ තිබුණු ආදරණීය, සැහැල්ලු ගතිය වැඩිවෙලාවක් නොයාම නැතිවෙලා යද්දි , කොල්ලා ඇඳේ හාන්සිවෙලා ඉඳගෙනම සිවිලිම දිහා බලන් හැලහොල්මනක් නැතුව හිටියා... විනාඩි දහයක් විතර ඒ විදිහට ගත වෙන්නැති...

සිලිලාර || NONFICTION Where stories live. Discover now