14

178 52 286
                                    

ස්වප්න කැම්පස් එකෙන් එළියට ආවෙ තමන්ගෙ කරේ එල්ලන් හිටපු බෑග් එකෙන් සල්ලි පර්ස් එක එළියට අදින ගමන්... ඒ වෙලාවෙම කැම්පස් එක ඉස්සරහ හෝල්ට් එකේ බස් එකක් නවත්තලා තියෙනවා දැකපු කොල්ලා ඉක්මනින් දුවලා ගිහින් බස් එකට නැග්ගා...










බස් එකේ මහ සෙනඟක් හිටියෙ නම් නෑ, හැබැයි සීට් තිබුණෙත් නෑ... කොන්දොස්තර ස්වප්න දැක්ක ගමන් ළඟට ආවෙ බස් එක අද්දද්දිමයි...









"මල්ලි කොහාටද?"







"අම්... දේවාලෙ ගාවට අයියෙ..."









ස්වප්න කොන්දොස්තරට සල්ලි දීලා බස් එකේ සීට් එකක් අල්ලගෙන පහුවෙලා යන මහ මුහුද දිහා දිලිසෙන ඇස්වලින් බලාගෙන හිටියා... කොල්ලා පරක්කු නම් නෑ... ඒත් ඉක්මනින් යන්න ඕන කියලා එයාට හිතුනා...










විනාඩි පහක් යන්නත් කලින් බස් එක දෙවුන්දර හෝල්ට් එකට සේන්දු වෙද්දි ස්වප්න හනිකට හැමෝටම කලින් බස් එකෙන් එළියට පැනගත්තා... හවස තුන හමාර පහුවෙලා තිබුණත් කාස්ටක අව්වෙ නම් වෙනසක් තිබ්බෙ නෑ... ඉර තාමත් අහසෙ දිලිසෙනවනෙ...










කොල්ලා එහෙම්මම පන්සලට යන්නෙ නැතුව හෝල්ට් එකෙන් ඉස්සරහට ඇවිදගෙන ගිහින් ඔරලෝසු කණුව ගාවින් පාර පැනලා එහා පැත්තට ගියා... ඒ හරියෙ තිබ්බෙ කෑම කඩ... කොල්ලා ඒ කෑම කඩ දිහා ඔලුව හරව හරව බලලා පිළිවෙලටම තිබ්බ කඩේ තෝරලා ඇතුළට ගියා...










කඩේ සෙනඟ මහගොඩක් හිටියෙ නෑ... කොහොමත් ඕවගෙ සෙනඟ පිරෙන්නෙ හැන්දෑ වෙන්න...











"අයියෙ..."









"මොනාද ඕන මල්ලි?"










"මට.... මේ ෆුල් චිකන් රයිස් එකක් කීයද අයියෙ?"










"ෆුල් චිකන් රයිස් එක නමසිය හැටයි.. මල්ලිට දාන්නද?"











කඩේ කොල්ලා කිව්වෙ බිත්තියේ ලොකුවට ගහලා තිබ්බ මිලගණන් බෝඩ් එක පෙන්නන ගමන්... ස්වප්න ඒක දිහාත් බලලා සල්ලි පර්ස් එක දිගාරින ගමන් ඒක දිහාත් බැලුවා...









සිලිලාර || NONFICTION Where stories live. Discover now