8

390 86 126
                                    

බොනී, ස්වප්න දෙන්නා පික් පොකට් කාරයාගෙ සිද්ධියෙන් පස්සෙ හිනාවෙවී කතා කර කර ආයෙමත් ප්‍රධාන පාරට ආවා... ස්වප්න බොනී ගැනත්, බොනී ස්වප්න ගැනත් සාමාන්‍ය තරමින් දැන අඳුන ගන්න තරමට දෙන්නා කතාබහ කළා...

ස්වප්න කියන්නෙ හරි ලස්සන හැඩරුවක් තිබුණු කොල්ලෙක්... බැලූබැල්මට අහිංසක පෙනුමට හිටියට කොල්ලා එසේමෙසේ දඟකාරයෙක් නෙවෙයි කියලා මේ කතාකරපු ටිකට බොනීට තේරුනා... කොච්චර දඟ වුණත් එයා වයසට වඩා පරිණත, ටිකක් අමුතු චරිතයක්...

"ඔහේ අර හොරාට කුනුහබ්බෙන් බැන්නනෙ..."

ස්වප්න ඇස් දෙක බෝල කරලා බොනී දිහා බැලුවා... කුනුහරුපයක් නැත්නම් ස්වප්නගෙ කටත් පාලුයි ඒත් , පික් පොකට් කාරයාට බැන්න විදිහ මතක් වෙද්දි කොල්ලගෙ කට ලැජ්ජාවටම ඇදවුණා...

"ඕ ඉතින්...?"

"මං හිතුවෙ බලයට බලයා කියන්නැතුව ලැකු මුඤ් ගාපු එකා කුනුහබ්බ දන්නැතුවෑතිය කියලා.."

"අනේ මේ!!!"

ස්වප්න බොනීට බොහොම භයානක විදිහට රැව්වත් බොනී ස්වප්නගෙ මූණ දිහා බලලා අහක බලන් හිනාවුණා... පොඩි එකා රවද්දි පොරගෙ උඩුතොල යටි තොලට යට වෙනවා, ඒ වගේ ම කොල්ලගෙ එක කම්මුලක් යාන්තමට වල ගැහෙනවා...
ඉතින් බොනී වගේ පොරකට ඒ රැවිල්ල භයානකව පේන්නෙ නැති එක සාධාරණයිනේ !!!

ස්වප්න, බොනීත් එක්ක විනාඩි පහක් විතර ගන්දර බස් හෝල්ට් එකේ හිටගෙන හිටියා... බොනීට ඒ වෙලාව පුරාම පුංචි ආසාවක් තිබුණා... ඒ ස්වප්නගෙ හිනාව බලන්න... ලොකු හේතුවක් තිබුණෙ නෑ, ස්වප්නගෙ හිනාව හරි ලස්සනයි....
ඉතින් බස් හෝල්ට් එකේ ඉන්නකන්ම බොනී සැරින් සැරේට කියවන පිස්සු කතාවලට ස්වප්නත් හිනාවෙවී හිටියා...

මේ මුහුදු මායිමේ විනාඩි පහෙන් පහට බස් යනවා... ඈතින් ලා නිල් පාට බස් එකක් එද්දි ස්වප්න අත දික් කරලා ඒ පැත්ත පෙන්නුවේ, බොනී හෝල්ට් එකෙන් එළියට ඇවිත් බස් එකට අතවනද්දි...

"ඉක්මනට නැගගන්න ඉක්මනට නැගගන්න..."

ස්වප්නව මුලින් බස් එකට නග්ගවලා බොනීත් බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලුනේ බොනී නගිද්දිම බස් එක අද්දද්දි... දෙන්නා නැග්ගෙ බස් එකේ ඉස්සරහ දොරෙන්... ස්වප්න ඉක්මනට ගිහින් කවුරුවත්ම නැති ඩබල් සීට් එකකින් වාඩිවෙන්න හදද්දි එතනට ආපු ඇන්ටි කෙනෙක් හනිකට වාඩිවෙච්ච නිසා කොල්ලගෙ මූණ බෙරිවුණා...

සිලිලාර || NONFICTION Where stories live. Discover now