12

543 83 182
                                    

"සෙල්ෆෙ... සෙල්ෆෙ..."

බොනී ස්වප්නගෙ පස්සෙන් දුවගෙන ගියේ අතේ තිබුණු පොරවත් වැලි පොළව උඩ අතෑරල දාලා... ස්වප්න වේගෙන් වේගෙන් ඇවිදගෙන ගිය නිසාම බොනී කොල්ලව නවත්තගන්න එයාගෙ අතේ මැණික් කටුව ගාවින් තදකරලා අල්ලගත්තා...

"අ...තාරින්න..."

"ඇයි මේ..."

ස්වප්න බොනීගෙ අත තමන්ගෙ අතින් ගලවලා අයින් කරන ගමන් කේන්තියෙන් කියද්දි බොනී ඇස් දෙක ලොකු කරගෙන ස්වප්න දිහා බැලුවා... ස්වප්න හිටියෙ කේන්තියෙන්...

"යන්න... මොකද බලන් ඉන්නෙ?? හිටපු තැනටම යන්න..."


"මක්කයි කියන්නෙ??"

බොනීට පොඩි අදහසක් තිබුණා ස්වප්න මොකටද කේන්ති අරන් ඉන්නෙ කියලා, හැබැයි ස්වප්න ඒක දන්නවාද නැද්ද කියලා දැනගන්නකන් බොනී බබා වගේ හිටියෙ, කොල්ලා කොහොමත් ස්වප්නට ඒ වගේ දෙයක් දැනගන්න ඉඩ තියන්න අකමැති නිසා.. හැබැයි ස්වප්න දැනටමත් ඒ ගැන දන්නවා වගේ..


"මට මිනීමරුවො එක්ක කතා කරන්න උවමනාවක් නෑ...."


"මක්කා?"

"තමුසෙ හිටියා නේද වැල්ලෙ මිනිස්සු මරාගනිද්දි !?"


බොනී අඩියක් පස්සට තියලා මුකුත් නොකියම ස්වප්න දිහා බලාගෙන හිටියා... ස්වප්නගෙ බෝල ඇස් කේන්තිය නිසාම හීනි වෙලා, නපුරු පාට වෙලා... අවසානෙ බොනීගෙන් උත්තරයක් නැති තැන ස්වප්න නෙළුම් මල් පොහොට්ටු පොකුර අත් දෙකෙන්ම අල්ලගෙන වේගෙන් වේගෙන් පාර දිගේ යන්න ගියේ, බොනී හිටපු තැනටම වෙලා ස්වප්න යන දිහා බලන් ඉන්නකොට.... බොනීගෙ හිතේ ප්‍රශ්න ගොඩක් කැරකෙන්න ගත්තා, ස්වප්න මොකක්ද වැල්ලෙ කරන්නෙ? සුදු ඇඳගෙන, නෙළුම් පොකුරක් අතේ තියන් ඉන්න කොල්ලා එන්නැත්තෙ පන්සලට ඒත්, ස්වප්න මොකද වැල්ලෙ??? වැල්ල තියෙන්නෙ පන්සලට ටිකක් දුරින්....



ටික වෙලාවක් එහෙම්මම ඉඳලා බිම තිබ්බ ගල් කැටේකට හයියෙන් පයින් පාරක් ගහපු බොනී ආයෙම වැල්ලට ඇවිදගෙන ගිහින් බිම වැටිලා තිබ්බ පොරව අරගෙන වෙර දාලා ඒක මුහුදට විසිකරලා දැම්මෙ කේන්තියෙන්... ඉණට අත්දෙකත් තියාගෙන වේගෙන් වේගෙන් හුස්ම ගන්න ගමන් ටික වෙලාවක් එතනම හිටපු පොර අවසානෙ කේන්තියෙන්ම වැල්ලෙන් පාරට ඇවිත් ඉස්සරහට ඇවිදගෙන ආවා..



සිලිලාර || NONFICTION Where stories live. Discover now