රනුෂ් ඔහොම පැය එකහමාරක් විතර බස් හෝල්ඩ් එකේ ඉදන් ඉදියේ පාරේ ඒක මිනිහෙක් නෑ වාහන විතරයි... ඔහොම බලන් ඉදලා එයා සිතල වැඩි කමට අශි දුන්න ජැකට් ඒක දාගත්තා...
"මේක මන් අරූට උපන්දිනේට අරන් දුන්න එකක් නේ මරු යාළුවා උගේ ට්වින්ට දෙන්න නෙමේනේ මන් ඕක ඕකාට අරන් දුන්නේ බොහොම අමාරුවෙන් මන් මේක ඔන්ලයින් ඔර්ඩර් කරලා ගත්තේ ඉන්නවකෝ හෙට බලාගමු...
මොකද එහ් ජැකට් ඒක රනුෂ් ෂෙහාන්ට අරන් දුන්නේ උපන්දිනේට ඒක එයා පරිස්සම් කරපු හැටි තමා ඔය...
"ටැක්සි එකක යන්න තිබ්බා අතේ තීන්නෙම බස් එකේ යන සල්ලි බෑන්ක් එකෙන්වත් කරුමෙට ගන්න බැරි උනානේ "
එන්න එන්නම වැස්ස වැඩි උනා... වාසනාවට මෙයාගේ බස් ඒක ආවා... මෙයා බෑග් ඒකත් කරේ දාන් සුට්කේස් ඒකත් ඇදන් බස් එකට නැග්ගා...
"කොහෙටද යන්නේ මල්ලි "
"අයියේ කහතුඩුවට "
"අහ් මෙන්න මල්ලි ටිකට් ඒක "
එහ් බස් එකේම ඉදියේ මිනිස්සු දෙතුන් දෙනෙක් වගේ එවෙලේ රෑ 12ටත් කිට්ටුයි...
රනුෂ්ට මහන්සියටම එහ් යන ටිකේ නින්ද ගියා...
"මල්ලි මල්ලි කෝ බහින තැනට ආවෝ"
"අහ් නින්ද ගියා සොරි අයියේ තැන්ක්ස් මාව නැගිට්ටුවට "
"ඕක මොකද්ද මල්ලි හරි එහෙනම් බහින්නකෝ එත් මල්ලි හොදටම වැස්සනෙ ඔයා කොහොමද යන්නේ "
"අවුලක් නෑ අයියේ ගේ ළග තින්නේ "
"හරි මල්ලි එහෙනම් පරිස්සමින් යන්න"
"හරි අයියේ "
මොනා නැතත් කොන්දොස්තර අයියා හිත හොද මනුස්සයෙක් වෙන මිනිහෙක් නම් බහින්න බහින්න කියලා බෙරිහන් දෙනවා මිසක් මිනිහෙක්ට හොදින් කතා කරන්නේ නෑනේ... රනුෂ් බස් එකෙන් බැහැලා ඉක්මනට දුවන් ගියේ මොකෝ වැස්ස එන්න එන්නම වැඩි වෙන නිසා ගේ ලගටම ගියාම හිමින් ගේට්ටුව ඇරලා ඇතුලට ගියා එහ් යනකොටත් ගෙදර ලයිට් ඔක්කොම වහලා එළියේ ඒක විතරයි දාලා තිබ්බේ... එතකොටනම් රෑ 12.30යි...
YOU ARE READING
සිහින පියාපත්(𝙾𝚗𝚐𝚘𝚒𝚗𝚐)
Romance"උබ අපේ එකීට කැමතිනේ ඇත්ත කියපන් බොරු නොකියා " "අහ් " "අහ් නෙමේ මං දන්නවා උබ අශිට කැමති කියලා " "ඒක දැන් වැඩක් නෑ බං උබ වෙන දෙයක් කතා කරපන් " "වෙන දේවල් නෑ මොකෝ මූඩ් ගහලා උබ ඒකිගෙන් කැමැත්තවත් අහලා රිජෙක්ට් වුනාද ".... >> 🤍𝘋𝘳𝘦𝘢𝘮 𝘞𝘪𝘯𝘨𝘴🍃...