🤍𝗘𝗽𝗶𝘀𝗼𝗱𝗲 15🍃.

141 5 7
                                    



මට නැගිටුනේ මහා විකාර හීනයක් පෙනුන නිසා ලෙඩ වෙලා ඉදිද්දී ඔහොම හීනමයි පෙන්නේ මහා විකාරයි අනික කිසි තේරුමක් නෑ එව්වා අමතක කල්ලා මං නැගිට්ටේ ඇගට දැන් ෆිට් එකක් තීන නිසා ඒත් දවස් ගානක් රෙස්ට් කරන්න කිව්වට කවුද ඕවා කරන්නේ ඔරලෝසුව බලද්දී පාන්දර 5.30යි මෙච්චර කලින් නැගිට්ටද එහෙම කියලා වොෂ් රූම් ගිහින් මුණත් ටිකක් හොදන් පහලට ආවා වතුර බොන්න මොකද මට සලකපු මිනිස්සු වතුර වීදුරුවත් අරන් ගිහින් පහලට එනකොට වටේම ලයිට් දාලා කවුද දන්නේ නෑ ඇහැරලා තින්නේ ඊටපස්සේ කුස්සියට ගිහින් වතුරත් බීලා මං එලියට ආවා පොඩ්ඩක් හුලන් ටිකක් වදින්න දැන්නම් පොඩ්ඩක් ඊයේට වඩා හොදයි ඇගට ඔලුවේ රිදිල්ලත් අඩුයි එළියේ තීන බංකුවේ ගිහින් ඉදගත්තාම පාරම පේනවා මේ ගෙදර පාරට කිට්ටු කරලා තීන නිසා තමා එහෙම පෙන්නේ මං ඇස් දෙක වහන් නිවී සැනසිල්ලේ කුරුල්ලන්ගේ සද්දෙයි හුලගයි විද්දා ඒත් ඒක ටිකයි විදින්නේ උනේ...

"රනුෂ් ඔයාට දැන් කොහොමද "

මං ගැස්සිලා ගියේ නැති ටික විතරයි අශි මගේ එහාපැත්තේ කියලා ආවනම් මොකෝ පපුවේ අමාරුවත් හදවනවා ලෙඩ මදිවට...

"අහ් ඔයා "

"බය වුනාද "

"නෑ නෑ "

"කොහොමද දැන් හොදයිද ඒත් අද ඉස්කොලේ යන්න එපා දිෂ් කිව්වනේ වයිරස් එකක් කියලා දවස් දෙකක් විතර රෙස්ට් කරන්න "

"බෑ අද යන්නම ඕන ඉස්කෝලේ වැඩක් තිනවා "

"එහෙනම් ඉතින් යන්න වෙනවනේ "

"හ්ම් "

එහෙම කියලා අපි විනාඩි ගානක් සද්ද නැතුව ඉදියා මගේ හිතට එකේ කේවා එනවා අශිගෙන් අහන්න ඒත් මේක ඇහුවොත් එයා අවුල් යයිද අනික ඉතින් උත්තර දෙන ඒක එයාගේ වැඩක් නේ උත්තර නොදුන්නත් මට ප්‍රශ්නයක් නෑ ඔන්න ඔහේ අහමු...

"අශි "

"ඔව් කියන්න "

"මං ඔයාගෙන් දෙයක් අහන්නම් මුකුත් හිතන්න එපා "

එයාට පොඩි හිනාවක් ගියා...

"මං මුකුත් හිතන්නේ නෑ ඔයා අහන්නකො "

සිහින පියාපත්(𝙾𝚗𝚐𝚘𝚒𝚗𝚐)Where stories live. Discover now