"අහ් ඩොක්ටර් අක්කේ "
මෙන්න මේ දිනෙතයා මගේ කන ගාව ඉදන් අශිට කෑගහනවා ඔච්චර හයියෙන් අනික හිමින් කතා කලානම් මොකෝ මං හැබැයි ගැස්සිලාත් ගියා මුන් මේ කිව්ව ඒවා අහන් ඉදියනම් මට මෙතන වලක් හාරන් වැලලෙන්න වෙන්නේ....
"අහ් ගණන් හදනවා වගේ ළමයි "
"ඔව් නේ මේ සර් අයියගේ ගණන් හදනෝ අපි "
මූට සිංහලක් තේරෙන්නේ නෑ එකක් කියපන් කිව්වාම දෙකම කියනවනේ මාර නම් දාන්නේ ඩොක්ටර් අක්කලු සර් අයියගේ අම්මලු සර් අයියාලු මට මුන්ට උගන්නලා අංගොඩ යන සීන් එකක් තින්නේ මේ දවස් වල...
"අහ් රනුෂ් කොහොමද ඊයෙත් මං යනකොට ඉදියේ නෑ අනික රෑ දැක්කෙත් නෑ ඊයේ සෙතු නංගිව බස්සන්න ගියානේ "
"ඔව් අශි "
එකපාරටම අශි මගේ එහාපැත්තෙන් ඇවිත් ඉදගත්තා එහ් කියන්නේ මෙසේ මුල මං ඉදියේ අරුන් තුන්දෙනා මගේ දකුණු පැත්තේ අශි වම් පැත්තේ ඉදගත්තේ දැන් ඉතින් කොල්ලෝ උබේ ඔය නැති අමාරු එන්න ගනී ඇයි අශි මං ගාවට ආවම මට මාවම අමතක වෙනෝ නැත්තන් පපුව එකසිය ගානට ගැහෙනෝ ඇයි දන්නේ නෑ බෙහෙත් ටිකක් ගත්තනම් එත් දොස්තර කියයි ඒක ඔයාගේ ලෙඩක් නෙමේ ඔයාගේ හිතේ තින ලෙඩක් කියලා....
"මේ ඉවරද සර් අයියේ අපි යන්නද කැරම් අතක් අදින්න "
"දැන් ඔය ගාන හැදුවද "
"ඔව් අනේ දැන් අපි පෙන්නුවේ මොන සිහියේද අනේ ඉන්නේ " සහස් උගේ පොත පෙන්නලා මට කිව්වේ ඔව් මං බැලුවනේ මුන් එක්ක බෑ අප්පා ගම කනවනේ ඉදන්...
"හරි හරි කැරම් නැත්තන් ඕන මගුලක් කරගනින් ඊටපස්සේ උබලා ගෙදර පල නැත්නම් සර් මාව කයි "
"අපි බත් කාලා යන්නේ සර් අයියගේ අම්මා කිව්වා අපිට කාලා යන්න කියලා"
"හරි හරි ඕන මගුලක් "
"ඔහ්ගොලෝන්ගේ සර් අයියා සැරයිනේ "අශි මගේ පැත්ත බලලා අරුන් තුන්දෙනාගෙන් ඇහුවේ කට කොනින් හිනාවක් එක්ක
"අම්මෝ සැර නෙමේ කොච්චි කරලක් නේද බං "
"ඒකනම් ඇත්ත "
YOU ARE READING
සිහින පියාපත්(𝙾𝚗𝚐𝚘𝚒𝚗𝚐)
Romance"උබ අපේ එකීට කැමතිනේ ඇත්ත කියපන් බොරු නොකියා " "අහ් " "අහ් නෙමේ මං දන්නවා උබ අශිට කැමති කියලා " "ඒක දැන් වැඩක් නෑ බං උබ වෙන දෙයක් කතා කරපන් " "වෙන දේවල් නෑ මොකෝ මූඩ් ගහලා උබ ඒකිගෙන් කැමැත්තවත් අහලා රිජෙක්ට් වුනාද ".... >> 🤍𝘋𝘳𝘦𝘢𝘮 𝘞𝘪𝘯𝘨𝘴🍃...