🤍𝗘𝗽𝗶𝘀𝗼𝗱𝗲 21🍃.

152 4 0
                                    


Ranush p.o.v~

අනේ දෙයියනේ මගේ ඔලුව රිදෙනවා පොඩ්ඩක් ඉන්න මං කොහෙද මේ ඉන්නේ මගේ ඇදේ නෙමේනේ අහ් එතකොට මේ ඇදුම අහ් ඊයේ ඇදපු ඒකනේ ඇහ් යාහ්.... කොහෙද දෙයියනේ මං ඉන්නේ කෝ මගේ ෆෝන් එක අනේ මේ කොහෙද ඉන්නේ මාව කිඩ්නැප්වත් කරන්ද අනේ අම්මේ ඔයාගේ පුතාව කිඩ්නැප් කරලා... ඒත් මට මොන හතුරෝද කෝ මේ ෆෝන් එක අනේ...

මං ඇදෙන් නැගිටලා මගේ ෆෝන් එක හොයනකොට දෙයියනේ හම්බුනා කෝට්ටේ යට ඊටපස්සේ ෆෝන් එක අරන් ඒක ඔන් කරනකොට ඒක ඔන් වෙන්නේ නෑ යාහ් මේ හු... බැටරි ඩෙඩ් නේ...අනේ දැන් බයෙත් බෑ ෂිට් නොබී ඉන්න තිබ්බා මට අර ශෙවින් අයියා එක්කම යන්න තිබ්බා මට ඒත් එතනින් වුන මෙලෝ මගුලක්‌ මතක නැති හැටි ඔහොම ඉන්න මං එතන තිබ්බ කන්නාඩි මේසේ ගාවට ගිහින් මුණ බැලුවම හැටි හොල්මනක් වගේ කොන්ඩේ කාක් කුඩුව වගේ මේ ඇදුම හප්පා කොහේ ඉදියත් කමක් නෑ මන් කාමරේ තියෙන වොෂ්රූම් එකට ගිහින් මුණත් හෝදගෙන මනුස්ස පාටට ආවේ මොනා නැතත් එහෙම ඉන්න එපැයි ඇදුමත් හදන් ෆෝන් ඒකත් සාක්කුවට දාගෙන කාමරේ දොර ඇරන් එලියට ආවේ හම්මෝ මේක මාලිගයක්ද දෙයියනේ මං කොහොමද යන්නේ මේ ගෙදර කවුරුත් නැද්ද මං හිමින් හිමින් එතන තියෙන පඩිපෙළ බැහැලා ශේප් එකේ යන්න හැදුවත් කවුරු හරි කතා කරපු නිසා නැවතුනේ ඒත් එහ් කටහඩ අහ් නෑ නෑ එයා වෙන්නේ කොහොමද...

"රනුෂ්... නැගිට්ටද "

එකපාරටම මං එහ් පැත්තේ හැරුනේ මගේ දිහා බලන් ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි අශි නිසා අනේ මගේ ඔලුව රිදෙනවා එහ් අස්සේ මෙයා කොහොමද එතකොට මේ ගෙදර මෙයාට වෙන ගෙයක් තියේද නෑනේ මං දන්න තරමින් මෙයාට එහෙම ගෙයක් නෑනේ නැත්තන් කවුද දන්නේ සල්ලි වලින් හදාගෙනද කියලා...

"ඔයා මේ එතකොට මේ කොහෙද "

"අහ් මේ දිෂ්ලගේ ගෙදර "

"දිෂ් කිව්වේ "

"අර මගේ යාළුවා දිෂ්නි එයාගේ...ඔයා ඊයේ මෙලෝ සිහියක් නැතුව හිටපු නිසා මං මෙහෙ ගෙනාවේ අයියට මං කිව්වා නැන්දට කියන්න කියලා "

හප්පා ඒක හොදයි නැත්නම් මට ගෙදර ඉන්නවා අමතරව අම්මගේ දේශනේ අහන්න එපැයි...

සිහින පියාපත්(𝙾𝚗𝚐𝚘𝚒𝚗𝚐)Where stories live. Discover now