"චමිදු"
"ඔයා එයාට එන්න කිව්වද "
"පිස්සුද අනේ එයා හොස්පිටල් කියලානේ කිව්වේ"
"හ්ම් "
එහ් මනුස්සයා වෙන කවුරුත් නෙමේ චමිදු එයා කාර් ඒක පාරෙන් එහා පැත්තේ පාර්ක් කරලා අර දෙන්නා ඉන්න තැනට පාර මාරු වෙලා ආවේ නිකන් අශිව එතනින් එක්කන් යන්න වගේ.
"කොහොමද ඉතින් "
"ඔයා හොස්පිටල් එකේ නෙමේද ඉදියේ "
"නෑ මේ ලගට ආවා මං "
රනුෂ් බයික් ඒකට හේත්තුවක් දාගෙන මේ දෙන්නගේ කතාව අහන් ඉදියේ නෑ ෆෝන් එකේ උඩ පහලට ගිහින් බොරුවට කරන්න දෙයක් නැති කමට එහෙම ඉදියේ.
"අහ් මචං කොහොමද "
"හොදින්"
රනුෂ් උත්තර දුන්නෙත් ඕනව එපාවට ඇත්තටම කිව්වොත් දැන් රනුෂ්ටත් චමිදුව පෙන්න බැරි අයගේ ලිස්ට් එකේ ඉන්න කෙනෙක්.
"හ්ම් මෙහෙම කරමු නේ මං අශිව ගෙදරින් බස්සන්නම් "
"ඔයාට පිස්සුද චමිදු ආපු මනුස්සයා එක්කම මට යන්න පුළුවන් ඇයි ඔයා කරදර වෙන්නේ "
"අයියෝ මට මොන කරදරයක්ද රනුෂ් මචං මං අශිව එක්කන් ගියාට උබට අවුලක් නෑනේ"
"හ්ම් අවුලක් නෑ මටත් පොඩි වැඩක් තිනවා එක්කන් යන්න ඔයා මෙයාව "
රනුෂ් කටට ආපු දේ කිව්වට ඇත්තටම එයාට එහෙම කරන්න වැඩක් නෑ අශිත් පුදුමෙන් වගේ බැලුවේ මෙයාට මොකද්ද මේ තීන වැඩේ කියන්න වගේ....
"ඇත්තටමද "
අශි ඇහුවේ ඒක ෂුවර් කරගන්න එයා හොදටම දන්නවා ඒක කිව්ව විදිහෙන් බොරුවක් බව.ඒත් රනුෂ් කිව්වෙම ඒක ඉස්කෝලේ වැඩක් පොඩ්ඩක් නිදහසේ කරගන්න ඕනි නිසා චමිදු එක්ක අශිට යන්න කියලා චමිදුනම් ඒකට හෙන හැපී එකේ ඉදියත් අශිටනම් තේරුනේ රනුෂ් බොරුවක්මයි කියන්නේ කියලා.
"ඔයා අයියට කිව්වද "
"ෂෙහාන්ට මං ඒක කියන්නම් හ්ම් දැන් යන්න ඔයා පරිස්සමින් "
රනුෂ් ඇත්තටම නිකන් මවා ගත්ත හිනාවක් දාගෙන එහ් කිව්ව විදිහ අශිට නම් එච්චර ඇල්ලුවේ නෑ මොකද එයා හොදටම දන්නවා රනුෂ්ට එයාව මෙතනින් යවාගන්න ඕනි බව...
YOU ARE READING
සිහින පියාපත්(𝙾𝚗𝚐𝚘𝚒𝚗𝚐)
Romance"උබ අපේ එකීට කැමතිනේ ඇත්ත කියපන් බොරු නොකියා " "අහ් " "අහ් නෙමේ මං දන්නවා උබ අශිට කැමති කියලා " "ඒක දැන් වැඩක් නෑ බං උබ වෙන දෙයක් කතා කරපන් " "වෙන දේවල් නෑ මොකෝ මූඩ් ගහලා උබ ඒකිගෙන් කැමැත්තවත් අහලා රිජෙක්ට් වුනාද ".... >> 🤍𝘋𝘳𝘦𝘢𝘮 𝘞𝘪𝘯𝘨𝘴🍃...