"උබ "
එහ් වෙන කවුරුත් නෙමේ ෂෙහානයා මූ මොකෝ මේ ආ පයින්ම අනික තනියෙන් නෙමේ චුටි ළමයෙකුත් වඩන් එහ් කොල්ලා හොදටම නිදි අනික ෂෙහානයා බේබි බෑග් එකකුත් කරේ දාන්...
"මොකෝ මේ "
"හිමින් කතා කරපන් මූ ඇහෙරෙයි "
"වරෙන් ඉතින් ඇතුලට මගේ ගේ වගේ උබ එළියේ ඉන්නේ "
ඌ මාවත් තල්ලු කරන් ඇතුලට ආවම දොරත් වහන් මං උගේ පස්සෙන් ගියා...
"ඉදහන් ඉදහන් උබට ප්‍රශ්න කෝටියක් ඇති එව්වට උත්තර දෙන්නම් යමන් උබේ කාමරේට "
ප්‍රශ්න නැත්නම් මේ ඔලුවේ කෝටියක් ඒවා හිතෙනවා....
මූ මාවත් ඇදන් මගේ කාමරේට ගියා ගිහින් අර චුටි කොල්ලව හිමින් මගේ ඇද උඩ තියලා උගේ වටේ කොට්ටත් තිබ්බා... මූ මට කියන්නැතුව ළමයෙක් හදලද වෙන්න බෑ මේ ළමයාගේ ෆේස් කට් සමාන නෑ අනික මූට කොහෙද කෙල්ලෙක් ළමයෙක් හදන්න තරම් එකක් බ්‍රේකප් උනාම කෙල්ලෝ කියන ජාතියම එපා වෙලා ඉන්නේ මේ මනුස්සයට...
"අම්මෝ බං හෙන මහන්සි "
"කාගේද මේ ළමයා උබ මට නොකියා ළමයෙක් හැදුවද අහ් අර කෙල්ල එක්ක එත් සම්බන්දෙ එකිමනේ නැවැත්තුවේ "
"බල්ලෝ කටක්ද ඕක මගුලක් කියවනවා ඉදන් "
"මගුලක් කියන්නේ ඉක්මනට විස්තර කරනවා එහෙනම් මේ ඔලුවට ඒක ඒක ඒවා හිතෙන්නේ "
"කියන ඒක අහපන් හොදේ මැදින් ඇඩ් දාන්න බෑ හරිද "
"හරි හරි මොකක් හරි මරාලයක්ද අහ් "
"අහපන් කෝ මේක ඉතින් මේ මගේ ඔෆිස් එකේ වැඩ කරන් කපල් එකකගේ ළමයෙක් උන් දෙන්නා බැදලා හොදේ එහ් දෙන්නා අද උදෙන්ම මේ කොල්ලව අරන් වැඩට ආවේ අනික මං උන් දෙන්නට පොඩි ඩිසයින් එකක් කරන්න පොඩි ගමනක් යන්න ඉක්මනට එන්න කිව්වා අද අර දෙන්නත් නැති නිසා මෙන්න මේ දෙන්නා ලමයවත් උස්සන් ඇවිල්ලා එහ් ගමනට ළමයි ගෙනියන්න බෑ ඉතින් ලමයව බලාගන්න කවුරුත් නෑ කියලා මෙන්න මෙයාව අරන් ඇවිල්ලා ඊටපස්සේ ඉතින් මේ කොල්ලා හොදටම නිදන් ඉදියේ අනික පව් නේ මං ඉතින් කිව්වා මං බලාගන්නම් ගිහින් වැඩේ කරලා එන්න කියලා එකයි මෙයාව මෙහෙ ගෙනාවේ "
YOU ARE READING
සිහින පියාපත්(𝙾𝚗𝚐𝚘𝚒𝚗𝚐)
Romance"උබ අපේ එකීට කැමතිනේ ඇත්ත කියපන් බොරු නොකියා " "අහ් " "අහ් නෙමේ මං දන්නවා උබ අශිට කැමති කියලා " "ඒක දැන් වැඩක් නෑ බං උබ වෙන දෙයක් කතා කරපන් " "වෙන දේවල් නෑ මොකෝ මූඩ් ගහලා උබ ඒකිගෙන් කැමැත්තවත් අහලා රිජෙක්ට් වුනාද ".... >> 🤍𝘋𝘳𝘦𝘢𝘮 𝘞𝘪𝘯𝘨𝘴🍃...