🤍𝗘𝗽𝗶𝘀𝗼𝗱𝗲 24🍃.

123 6 0
                                    


හෙලෝ බං චමිදු... ඔව් ඔව්... මේ උබට යෂ් කතා කලාද..."

ඇහ් මූ මාර එකෙක් නේ මට කිව්වේ නෑනේ මුන් කවද්ද යාලුවෝ උනේ සිරාවට කවද්ද එහෙම මගුලක් උනේ අරු මාත් එක්ක කතා කරපු එක හරි ඒත් මූ එක්ක ඉදපන්කෝ බලාගන්න...මූට අරූව පෙන්න බැරුවනේ ඉදියේ...

"අහ් නැද්ද හ්ම් හරි හරි... නෑ නෑ වැඩකට... හරි බං ගුඩ් නයිට්..."

මූ ෆෝන් එක එහෙම්මම මේසේ උඩින් තියලා මං දිහා බැලුවේ මං ඌ දිහා මගේ උපරිම එරවිල්ල දාලා රවද්දී... ඇයි යකෝ මුන් මාර එවුන් නේ ඔක්කොම සෙට් වෙලා ඊටපස්සේ තමයි මාව හම්බෙන්න එන්නේ...

"මොකද බං..."

"තෝ කවද්ද චමිදු එක්ක යාලු උනේ..."

"දැන් උබට ඒකද මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ..."

"නෑ පස්සේ බලාගමුකෝ..."

එකපාරටම ෂෙහානයාගේ ෆෝන් එක රින්ග්ස් වෙනකොට මං ඒකට එබුනේ යෂ්ද ගන්නේ බලන්න... ඔව් ඔව් ඌ තමා...

"අහ් දියන් ඕකට මං අද පලු යන්න බනින්නේ බලපන් වේලාව මූට දැන්ද මතක් උනේ ..."

"ඉදපන්කෝ ටිකක් ඉවසන් ස්පිකර් දාලා දෙනකන්..."

ෂෙහානයා ෆෝන් එක අරන් කෝල් එක අරන් මට දුන්නේ ස්පිකර් දාලා...

"හෙලෝ...."

"අහ් තොට දැන්ද මතක් උනේ අහ් යෂ්... කීයද බලපන් වේලාව අහ් 12ටත් කිට්ටුයි තෝ අර ළමයව දාලා කොහෙද මේ මහා රෑ ගියේ අහ් කියපං... දැන් කී සැරයක් තොට කෝල් කරාද... මගේ යකා අවුස්සන්නේ නැතුව ඉන්න තැන කියපන් මෙතන..."

"Excuse me sir..."

හෑ එහ් කවුද එකපාරටම ෂෙහානයයී මායි මුණට මුණ බලාගත්තේ මෙච්චර වෙලා මං බැන්නේ කාටද කියලා බලන්න හැබැයි නෑ යෂ්ගේ නම්බර් ඒකනේ...

"මේ කවුද..."

"Sorry sir මේ ෆෝන් එක අයිති සර් නම් ඉන්නේ හොද සිහියෙන් නෙමෙයි මාත් මේ ගොඩක් සැරයක් රින්ග්ස් යන නිසයි අන්ස්වර් කලේ..."

"මුලින් ඔයා කවුද කියන්නකෝ..."

"මං මේ ක්ලබ් එකේ වැඩ කරන එක්කෙනෙක්..."

"ක්ලබ් මූ ක්ලබ් එකේද එතකොට...හරි කොල්ලෝ උබට පුළුවන් නම් ඔය ක්ලබ් එකේ location දානවද මේ නම්බර් ඒකට..."

සිහින පියාපත්(𝙾𝚗𝚐𝚘𝚒𝚗𝚐)Where stories live. Discover now