එදා සූටා ඇවිත් ගියාට පස්සේ මගේ ඇගයි , කාමරෙයි ඔක්කොට දවස් ගාණක් යනකන් සූටගේ සුවදින් පිරිලා තිබුණා. බෙඩ්ශීට් වලින් පවා මට කොල්ලගෙ සුවදම දැනෙද්දි මන් දවස් තුනක් යනකන් අම්මිට බෙඩ් ශීට් මාරු කරන්නවත් ඉඩ නොදුන්නා.
ආදරේ කියන හැගීම මගේ ජීවිතේට අළුත්ම දෙයක් නිසාද මන්දා මන් මේ දවස්වල ඒ හැගීම උපරිමෙන්ම විදිනවා. සූටා සම්බන්ධ පොඩිම පොඩි සිදුවීමක් පවා මහා ලොකු දෙයක් කියලා හිතෙන තරමටම මන් බොළදම බොළද ප්‍රේම වන්තයෙක් වෙලා. ඒ වුණාට මගේ මේ කුළුදුල් පෙම් හැගීම බොළද විදියට විදගන්න මම සෑහෙන ආස කරා.
මගේ සූටි බෝල ගෙඩියා එක්ක මන් මගේ ජීවිතේ ප්ලෑන් කරන්න පවා පුරුදු වෙලා. අවිනිශ්චිත අනාගතයක් ගැන වුණත් එහෙම හීන දකින එක ඇත්තටම හරිම ලස්සන දෙයක්. බොක්කෙන්ම ෆස්ට් ලව් එක ලාස්ට් එක කරගන්න හිතන්ම ලව් කරන හරි කරපු හරි එකෙක් නන් ෂුවර් ඇන්ඩ් ශොට් මන් මේ විදින හැගීම ගැන දන්නවා.
අදත් මම වේලාසනින්ම ඇවිත් මගේ සුදු බෝලේ කා' එකෙන් ඇවිත් බහින තැනට වෙලා එයා එනකන් බලාගෙන හිටියා. අද මම ආවෙ කා' එකෙන් . මොකද එයාගේ චූටි පුතා එක්ක බයික් එකේ එහෙ මෙහෙ යන්න එපා කියලා අපේ අම්මි මට වාරණයක් දැම්මා. ඔව් දැන් අපේ.. අපි දෙන්නගෙම අම්මිනේ...
කා' එක ඇතුළෙ ඉදන්ම කොල්ලා ඇවිත් පියාරා ගෑනි එක්ක කා' එකෙන් බහින විදියත් කොල්ලා පාර අයිනට වෙලා තාප්පෙට හේත්තු වෙන විදියත් ටිකකින් අරූ ඇවිත් කෙල්ලව අරන් යන විදියත් බලන් හිටිය මම සූටිට කතා කරන්න කා' එකෙන් බහින්න ගියත් ඊට කලින් කොල්ලා දුවගෙන ඇවිත් කා' එකට නැග්ගා.
" Good Morning යශ් අයියේ... "
" Good Morning බබා.. ඔයා කොහොමද කා' එක අදුරගත්තේ ම්ම්ම්..."
කොල්ලා මගේ දිහා බලලා කට පුරා හිනා වෙද්දි කොල්ලගෙ හැට් එක ගැලෙව්ව මම හරිම ආදරෙන් කොල්ලගෙ ඔළුව අත ගෑවා. මේ කොල්ලට ආදරේ කරන එක මට මැරුණත් නවත්ත ගන්න බැරි වෙයි. මගේ කොල්ලා හරි පිං පාටයි. මගේ සුර දූත පැටියා.
" නෙතූට නම්බර් ප්ලේට් එක මතක තිබ්බනේ.. "
" ශා.. නෙතූ ගුඩ්නේ.. අද අරූ එන වෙලාවේ නෙතූ තප්පෙ ගාවට වෙලා හිටිය එක නන් හොදයි. "
YOU ARE READING
දෙ ඇස් 💗 | Ongoing
Non-Fictionනුඹේ ඇස් මා දැකලා... නුඹ ළගටම ආවේ 💫 Taekook Nonfiction (TopKook) Cover credit goes to: - Sunny_Jhs 2024.06.16
