33 💗

3.3K 234 128
                                        

අද ! අපේ ජීවිතේ විශේෂම දවස ! හිතින් මටම අයිති වෙලා හිටිය මගේ පැටියව මම නීතියෙන් වගේම ගතිනුත් මගේම කරගන්න යන ඒ ලස්සන දවස.

හොටෙල් ගාඩ්න් එකේ තිබුණු ලොකු පොන්ඩ් එක ඉස්සරහ වයිට් රෝස් ඇන්ඩ් බේබි බ්ලූ hydrangeas වලින් ඩෙකරේට් කරලා තිබුණු ආර්ච් එක ළඟ අයෝ ලෙයියා දෙන්නවත් දෙපැත්තේ තියාගෙන මම බලාගෙන හිටියේ මගේ වස්තුව එනකන්. මම මෙතනට ඇවිත් විනාඩි දහයක් ඇති. ඒ විනාඩි දහය ඇතුළත මම වට පිටේ හැමදේටම ඇස් යොමුකරේ මගේ සූටා ආස වුණු විදියට මෙතන හැමදේම තියනවද කියන එක ස්ථීර කරගන්න.

වෙඩින් එකේ වැඩ වලට අපි UK ඇවිත් මාසයක්. මස්සිනාගේ වෙඩින් එකට පහුවෙනිදා ඉඳන්ම සූටා අපේ වෙඩින් එකේ දේවල් ප්ලෑන් කරන්න ගත්තා. මස්සිනාගේ වෙඩිම තමා හැබැයි වෙඩිම. බොරු කියන්න ඕන් නෑ... මායි අපේ උන් දෙන්නයි කොයි වෙලේ වෙඩිල්ලක් පත්තු වෙයිද කියලා හිත හිත හිටියේ... ඒ තරමට මාෆියා කාරයොයි උන්ගේ බොඩිගාඩ්ලයි. සූටා නිසා අපි තුන් දෙනා වටෙත් මාරම ගාඩ් එකක් තිබ්බේ.

වෙඩින් එකක් වුණත් එදා මායි , සූටයි , අයොයි , ලෙයියයි හතර දෙනාම හිටියේ මස්සිනා හදවල දුන්න වෙඩින් මාස්ක්ස් දාගෙන. මන් ඒත් ඒ දවස් වල හිතුවා මස්සිනා අපේ වෙඩින් එකත් මාෆියා වෙඩින් එකක් කරයිදෝ කියලා... ඒ වුණාට ඒ වෙඩින් එක අපායක් නන් අද අපේ දවස දිව්‍යලෝකයක් වගේ... ඉන්විටේෂන් කාඩ්ස් ඩිසයින් කරන තැන ඉඳන් හනිමූන් හොටෙල් එක බුක් කරනකන් වෙන හැමදේම සිද්ධ වුණේ බෝලෙට ඕන විදියට.

ඊයේ අවුරුදු ගාණකට පස්සේ හැමෝම එකතු වෙලා මාවයි සූටවයි එක රෑකට ඈත් කරන්න ගියත් , ඒවා කොහෙද අනේ මගේ පොඩි මැරයා එක්ක. ඇඟිල්ලකුත් වන වන සේරටම සද්දෙ දාලා ඇවිත් මටත් බැනලා මාව බඳන් දොයියෑවේ... දැන් සූටට හෙනට කේන්ති යනවා. වස වර්තියෙක් මගේ පොඩි බඩ්ඩ... උදෙත් අම්මි මැදිහත් වෙලා තමයි පොඩ්ඩව කොහොම හරි ශේප් කරන් දෙන්නව ඩ්‍රස් කරවන්න හොටෙල් රූම් දෙකකට යැව්වේ.

අපි දෙන්නම ඇන්දේ ෆුල් වයිට්. ඒත් බ්ලේසර් දෙකට මගේ කොල්ලා එයා අතින්ම බේබි බ්ලූ නූල් වලින් මොණරෙක්ගේ පිල් වගේ ලස්සන ඩිසයින් දෙකක් එම්බ්‍රෝයිඩර් කරා. සූටගේ කැමැත්තට තමයි ඉතින් හැමෝගෙන්ම ඉඩ...

දෙ ඇස් 💗 | Ongoing Where stories live. Discover now