30. 💗

1.9K 197 158
                                        


" බෝලේ නැඟිටිමු."

" ම්හ්... "

" නැඟිටිමු බබා. අපි දැනටම ලේට් බෝලේ. "

" අනේ තා ටිකක් ඉමූ... "

මේ හොර ගෙඩ්ඩගේ කපටිකම. ඩොක්ට' හම්බෙන්න යන්න තියන අකමැත්තට වෙනදට මටත් කලින් නැඟිටින කොල්ලා අද තාම ඇස් පියාගෙන. දැන් සූටගේ කොණ්ඩෙ ටිකක් දිගයි. ගෙදරම ඉන්න නිසා දැන් ඉතින් එක එක සිටයිල්. ඒ වුණාට ගොඩාක් දිගට වැවෙන්න කලින් සූටා කොණ්ඩෙ යටින් අඩු කරනවා. වැඩි හරියක් දවසට චූටි මහත්තයා තනියෙන්ම තමා කපාගන්නේ... මම ඉතින් එයාට ආස විදියට කපන්නේ නෑලුනේ...

මගේ හුරතලේනේ ඉතින්. අතින් සූටගේ සිනිඳු කැරලි කොණ්ඩෙ අත ගගා හිටිය මම ඔළුව උස්සලා පපුව උඩ නිදන් ඉන්න කොල්ලගේ හිස් මුදුනින් හාද්දක් තිබ්බා. සූදයි... අව් අව් ගාලා කන්න හිතෙනවනේ මට මේක.

කොහොම හරි වදෙන් පොරෙන් කොල්ලව නැඟිට්ටවලා ලෑස්ති කරගෙන ක්‍රිශා ආන්ටිව අදත් අම්මි ගෙදර ඉන්න කැමති කරගෙන හොස්පිට්ල් යන්න අපි දෙන්නම ගෙයින් එළියට බැස්සා. ඇත්තටම දැන් නම් ලොකුවට ඩොක්ට' මීට් වෙන්න යන්න වුවමනාවකුත් නෑ. මේ යන්නේ නිකන් ඩොක්ට'ට කොල්ලා හොඳින් ඉන්නවා , අපි තාම සෙක්ස් කරේ නෑ , කොල්ලා ප්‍රෙග්නට් නෑ කියන එක මාර්ක් කරලා එන්න.

මොනා වුණත් ඩොක්ට' යුගීත් ඇත්තටම පර්ෆෙක්ට්. ඩොක්ට' සූටා ගැන වද වුණේ තමන්ගෙම ළමයෙක් ගාණට. කොල්ලත් මිනිස්සු එක්ක කතා බහ කරන්න එකතු වෙන්න පහුබැස්සට ඩොක්ට' එක්ක ඉක්මණින් ෆිට් වුණා. ඊයෙත් මීල් චිට් වුණු හින්දා තමයි අද උදේ කොල්ලා ගමනට පස්ස ගැහුවේ. මොකද ඩොක්ට'ටත් මන් විස්තරේ කියලා තියන නිසා මට හොඳ නැති කෑම හදල දෙනවා කියලා ඩොක්ට' බනින්නේ සූටට...

" යශ් අයියේ... "

" බබා... "

ශූස් ගලවලා සොක්ස් පිටින් කකුල් දෙකත් ශීට් එක උඩට අරන් දොර පැත්තට ඇලවෙලා මගේ පැත්ත බලන් සූටා කතා කරද්දි මාත් ඩ්‍රයිව් කරන ගමන්ම සූටා දිහා බැලුවා.

" යශ් අයියා ඊයේ රෑ වගේ කේන්ති ගන්නෑ කියලා ප්‍රොමිස් වෙන්න. "

දෙ ඇස් 💗 | Ongoing Where stories live. Discover now