10

865 166 109
                                    

කොහොමින් කොහොමහරි පහුවෙනිදා උදේ කවුරු හරි ඇවිත් එක දිගටම තමන්ගේ දොරට ගහන්න ගත්ත නිසා තද නින්දක හිටපු ස්වේන්ට ඉක්මනටම ඇහැරෙන්න සිද්ධ වුණා . කලින් දවසෙත් පරක්කු වෙලා නිදාගත්ත නිසා තමන්ගේ සැප නින්දට බාධා කරන්නේ කවුද කියලා කේන්තියෙන්ම කල්පනා කරන ගමන් ඇදෙන් නැගිටපු ස්වේන් බිමට වැටිලා තිබුණ කොට්ටෙකටත් පයින් ගහගෙනම එයාගේ කාමරේ දොර අරින්න ගියා

ඉතින් , නිදිමතෙන්ම වැනි වැනි ගිහින් දොර ඇරිය ගමන්ම ස්වේන් දැක්කේ එයාගේ කාමරේ දොර ඉස්සරහා ගල් පිළිමයක් වගේ හිටගෙන ඉන්න ධමීරව . ඒ උදේ පාන්දර ධමීරව එහෙම දැක්කහම ස්වේන්ට ටිකක් පුදුම හිතුණත් ඒක වැඩිය පෙන්නන්න නොගිය ස්වේන් එයා දිහාට ටිකක් කම්මැලි බැල්මක් දාලා ධමීරගෙන් 'ඇයි?' කියන ප්‍රශ්නේ ඇහුවා

"ඇයි ආවේ ? "

ස්වේන් ඒ විදිහට ධමීරගෙන් ඇයි කියලා ඇහුවත් ධමීර ඒකට කිසිම උත්තරයක් දෙන්න ගියේ නෑ , මොකද උදේ පාන්දර උඩට ෂර්ට් එකක්වත් අදින්නැතුව හිච්චි කලිසමකුත් ඇදන් කොන්ඩෙත් අවුල් කරන් විකාරයක් වගේ ඉන්න ස්වේන්ව දැකලා ධමීරට කතා කරන්න වචනත් අමතක වෙලයි තිබුණේ

හැබැයි , ස්වේන්ටත් තාමත් එයා ඒ ඉන්න විදිහ ගැන කිසිම අයිඩියා එකක් තිබුණේ නෑ . ස්වේන්ට වැඩිපුරම උරුම වෙලා තිබුණේ අම්මගේ රූපේ වෙද්දි එයාගෙන් ශ්‍රී ලන්කන් ලුක් එකක් වැඩිය පේන්න තිබුණේ නෑ , කොහොමත් ස්වේන් සිංහල කතා කරපු එක නැති වෙන්න දකින ඕන කෙනෙක් එයාව කැටගරයිස් කරන්නේ සුද්දෙක් විදිහට

ඉතින් , උදේ පාන්දරින්ම ඒ හැන්ඩ්සම් සුදු කොල්ලව දැකපු ධමීරට කතා කරන්න වචන අමතක වෙන එකත් එක අතකට සාධාරණයි !

ධමීර වචනයක්වත් කතා නොකර ඔහේ තමන් දිහා බලන් ඉද්දි ස්වේනුත් එයාට ඒ විදිහටම රියැක්ට් කලා , ඇත්තටම ස්වේන් බලන් හිටියේ ධමීර කතා කරනකන් . අනික , උදේ පාන්දර තමන්ගේ නින්ද නැති කරපු ධමීර මේ විදිහට සද්ද වහලා අනිමිස ලෝචන පූජාව කරද්දි ස්වේන්ට යාන්තමට කේන්තියකුත් ඒ වෙද්දි ඇවිත් තිබුණා

ඉතින් , ස්වේන් තමන්ගේ අවුල් වෙලා තිබුණ කොන්ඩේ එක අතකින් පස්සට ඇදගෙන ධමීර දිහා බලලා එක ඇහැක් උඩට උස්සලා එයාගෙන් දෙවෙනි සැරේටත් ඇයි කියලා අහනකන්ම ධමීර ගල් පිළිමේ වගේ ඒ හිටපු විදිහටම ස්වේන් දිහා බලාගෙන හිටියා

SR || Ongoing Where stories live. Discover now