15

1.3K 206 173
                                    

අන්තිමේදි සෙනසුරාදා දවසත් ගෙවිලා ගිහින් ධමීරගේ මාමා වෙනුවෙන් හැම අවුරුද්දෙම දේවරාජ වලව්වේ කට්ටිය කරන දාන පිංකම තියෙන ඉරිදා දවස උදා වුණා . කෙනුල් නම් කලින්ම නිවාඩු දාලා සෙනසුරාදා රෑම වලව්වට ඇවිත් හිටියත් රඛිත් තාම නාගහවටුනට ඇවිත් හිටියේ නෑ . එයා ආවේ නැති වුණාට දාන දවසේ උදේ පාන්දරත් කොල්ලෝ ටිකට කරන්න ඇති තරම් වැඩ තිබුණා

තිබුණ වැඩ වලින් භාගෙට භාගයක්ම කරගන්න ගමේ ලොකු පොඩි හැමෝගෙම සහයෝගය ලැබෙද්දි වලව්වෙන් එළියේ හට් ගහන , පුටු හදන වගේ වැඩ ටික එයාලා කලින්ම ඉවරයක් කරගත්තා . දානෙට ඕන කරන හැම කෑම ජාතියක්ම , කැවිල්ලක්ම හැදුණේ වලව්වේ මහා විසාල කුස්සියේ වෙද්දි එදත් උදේ ඉදන්ම වලව්වේ කුස්සිය හරිම කාර්‍යබහුල තැනක් වෙලයි තිබුණේ

අද තියෙන්නේ සාංඝික දානයක් වුණාට නාගහවටුන ගමේ හැමෝම වගේ හැමදාම ඒ දවසට වලව්වට එන එක පුරුද්දක් විදිහට කලා . මොකද , පහුගිය අවුරුදු ගාන පුරාම හැම අවුරුද්දෙම වගේ හැමෝගෙම උදවු ඇතුව මේ දාන පිංකම මහ ඉහළින් සංවිධානය කරන එක සිද්ධ වුණා

ධමීරගේ මාමා ආර්‍යවර්ධන පවුකට අයිති කෙනෙක් නොවුණත් එයා එයාගේ ජීවිතෙන් වැඩි කාලයක්ම ගත කරලා තිබුණේ නාගහවටුනේ දේවරාජ වලව්වේ . ඉතින් , දැන් ගමේ ඉන්න වැඩිහිටියෝ ගොඩක් අය ඒ කාලේ ධමීරගේ මාමා හරිම ළඟින් ආශ්‍රය කරලා තිබුණා

කොහොමත් ඒ හේතුව නිසා වගේම ගමේ මොන දේ සිද්ධ වුණත් ඒ හැම දේකදිම ශාරධා මැණිකේ ගමේ මිනිස්සු වෙනුවෙන් හිටපු නිසා වලව්වේ මොනාහරි වැඩක් යද්දි ඒ විදිහට හැමෝම ඇවිත් පුළුවන් උදවූවක් කරලා යන එක හරීම සාමාන්‍ය දෙයක් !

ඉතින් , ඒ දේවල් එහෙම වෙද්දි දවල් වේගෙන ආවත් හරි උයන පිහන වැඩ වලට උදවු වෙන්න ආපු ගමේ ගෑනු උදවිය ඒ වැඩ ටික ටික ඉවර කරලා ඇදුම් මාරු කරගන්න ඕන නිසා ආපහු ගෙවල් වලට ගිහින් තිබුණා . ඉතුරු වෙලා හිටපු දෙතුන් දෙනාත් දැනටමත් ඇවිත් ඉන්න අමුත්තන්ට සංග්‍රහ කරන්නයි වෙන වෙන වැඩ වලට බිසී වෙද්දි ෆෘට් සැලඩ් එකට පලතුරු කපන වැඩේ භාර වුණේ ධමීර & කෙනුල් දෙන්නට

SR || Ongoing Where stories live. Discover now