නොහිතපු විදිහට හෙමින් හෙමින් කාලේ ගෙවිලා ගිහින් සුපුරුදු විදිහට ඊලග සතියේ ඉරිදා දවසෙත් ධමීරයි ස්වේනුයි දෙන්නා ගම වටේ වටයක් දාන්න යද්දි එදා එයාලා යන්න තෝරන් තිබුණේ ආර්‍යවර්ධන පවුලට අයිති කුඹුරු යායට . එතනට ගිය වෙලාවේ ඉදන් කොළම කොළ පාට කුඹුරයි ඒ පරිසරෙයි නිසා පිස්සු වැටිලා හිටපු ස්වේන් නම් ඒ දේවල් ගැන හිටියේ හරීම සතුටෙන්
මොකද , මේ ඉරිදා මේ වගේ සාමකාමි එකක් වුණාට ගිය ඉරිදා නම් එයාට එහෙම සන්සුන් සාමකාමි විදිහට ගත කරන්න පුළුවන් වෙලා තිබුණේ නෑ . ඒ මොනා වුණත් එදා දිය ඇල්ල ළඟදි වෙච්ච දේවල් , කතා වුණ දේවල් ඔක්කොම ඕනකමින්ම අමතක කරපු ස්වේන් ඇන්ඩ් ධමීර දෙන්නම ඒ වෙද්දි එයලගේ සාමාන්‍ය ජීවිත වලට හැඩ ගැහිලා හිටියා
හැබැයි , ඒ දෙන්නගෙම හිත් යට ගොඩක් දේවල් ඒ වෙද්දිත් හැංගිලා තිබුණා . ඒක එහෙම වුණාට දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ ගැන කතා කරන්න ගියෙත් නෑ
ඉතින් , එවෙලේ ඒ ඩබලම හිටියේ වෙල අයිනට වෙන්න වගේ තිබුණ පොඩි උස බිමක වෙද්දි ස්වේන් නම් පිස්සුවෙන් වගේ ඒ හැම තැනකටම ඇස් ගෙනිච්චා . ඒත් , ඉපදුණ දා ඉදලම ඔය දේවල් දැකලා තිබුණ ධමීරට නම් ඒවා අමුතු දෙයක් වුණේ නෑ
ඒ විදිහට ඈතින් පේන කන්ද දිහයි , නිල්ම නිල් පාට අහස දිහයි , කොළ පාට කුඹුරු යාය දිහයි විතරක් බලන් හිටපු ස්වේන්ගේ බැල්ම එකපාරටම ධමීරගේ පැත්තට වැටෙද්දි ධමීර එයාගේ එක ඇහි බැමක් විතරක් උඩට උස්සලා ස්වේන්ගෙන් ඒ ඇයි කියලා ඇහුවා
ඇත්තම කිව්වොත් ස්වේන්ගේ ඒ කපටි බැල්මේ තේරුම ධමීර වෙනකාටවත් වඩා හොදට දැනගෙනයි හිටියේ !
" ඔය බැල්ම මට අල්ලන්නෑ , මොකක්ද තමුසෙට වෙන්න ඕනේ ? "
" මන් මගේ ෆෝන් එක ගෙදර දාලා ආවා, සෝ ඔයාගේ ෆෝන් එකෙන් මගේ ෆොටෝස් ටිකක් අරන් දෙන්න . අර කන්ද දිහා බලන් ඉන්න එකයි , මේ ගහ යට ඉන්න එකයි , තව අහක බලන් ගහ- "
" ටයිමින්' තියලා ඕන එකක් කරගන්නවා "
සාක්කුවෙන් එළියට ගත්ත ෆෝන් එක ස්වේන්ගේ දිහාට විසි කරපු ධමීර අත් දෙකත් සාක්කුවේ දාගෙන ගිහින් කෙලින්ම නැවතුණේ එතන තිබුණ ගහක් ගාව . ඒ ගහේ තිබුණ මහ විසාල මුල උඩින් වාඩි වුණ ධමීර ස්වේන්ට ඕන එකක් කරගන්න ඉඩ ඇරලා එයාගේ පාඩුවේ ෆොටෝස් ගන්න ගිහින් ස්වේන් කරන මළ විකාර දිහා ඔහේ බලාගෙන හිටියා
YOU ARE READING
SR || Ongoing
Non-FictionThe Weekend said , '𝐖𝐞 𝐝𝐨𝐧'𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐥𝐨𝐯𝐞 , 𝐰𝐞 𝐣𝐮𝐬𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐜𝐚𝐫𝐬' . Huh ! Someone got both ᡣ𐭩 Start : 07/06/2024 End :