එදා හරිම සාමාන්‍ය සිකුරාදා දවසක් , ඒත් පෙබරවාරි මාසේ ඒ සිකුරාදා දවසේ තිබුණ එක විශේෂත්වයක් තිබුණා . ඒ තමයි නාගහවටුන කණිෂ්ඨ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පවත්වන්න තිබුණේ එදා හවස වෙච්ච එක . ඉතින් , ස්කෝලේ හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට ඒ වෙනුවෙන් ඕන කරන හැමදෙයක්ම ඒ වෙද්දි ස්කෝලේ ගාවම තිබුණ පිට්ටනියේ ලෑස්ති කරලයි තිබුණේ
නාගහවටුන ගමේ ස්කෝලේ හිටියේ ළමයි පොඩි ගානක් නිසා එයාලව අයිති වුණේ මයුර , හංස , පරවි කියන නිවාස තුනට . ඊයේ රෑ වෙනකනුයි අද දවල් වරුවමයි ස්වේනුත් ඇතුළුව ගුරු මණ්ඩලේ කීපදෙනෙකුයි ස්කෝලේ ඉහල පංති වල ළමයි ටිකයි ගමේ අයයි එකතු වෙලා ඒ ඒ නිවාස වලට අදාල සැරසිලි වගේ දේවලුත් ඔක්කොම හරියටම ලෑස්ති කරලා තිබුණා
ඉතින් , ඉතුරු වෙලා තිබුණ එකම දේ හරියටම හවස එකට විතර ක්‍රීඩා උත්සවය පටන් ගන්න එක විතරයි !
දවල් වෙනකන්ම ළමයි එක්ක එක එක වැඩ වලට බිසී වෙලා හිටපු ස්වේනුත් ඒ ඔක්කොම වැඩ ඉවර වෙලා අන්තිම මොහොතේ තමයි ආපහු වලව්වට ගියේ . ඒ විදිහට මහ දවාලේ වලව්වට ගිය ස්වේන් ඉක්මනටම ලෑස්ති වෙලා ආපහු ස්කෝලෙටම දුවන්න ගියත් ශාරධා මැණිකේ එයාව බලෙන්ම ටිකකට නවත්තගත්තා
කොහොමහරි , ඒ විදිහට නවත්තගත්ත ස්වේන්ට ශාරධා මැණිකේ ආපහු ස්කෝලෙට යන්න දුන්නේ එයා දවල්ට කෑවටත් පස්සේ . ඒකත් තනියෙන් නෙවෙයි , ලෙක්චර්ස් ඉවර වෙලා එදා ඉක්මනට වලව්වට ඇවිත් හිටපු ධමීරත් එක්කම !
හැබැයි , අම්මා කියපු නිසා ආවට ධමීර ඒ ගැන හිටියේ එච්චරම සතුටකින් නෙවෙයි . ලෙක්චර්ස් ඉවර වෙලා ඉක්මනටම වලව්වට ආවට එයාට හවස් වෙලා යම් කිසි තැනකට ආපහු යන්නත් පොඩි අයිඩියා එකක් තිබුණා . ඒත් අන්තිමේදි ධමීරට සිද්ධ වුණේ ස්වේන්ව බේබිසිට් කරන්න යන්න
ඒ කොහොම වුණත් , එතන ධමීරට තේරුම් ගන්න බැරි දේකුත් තිබුණා . ඒ තමයි තමන්ගේ අම්මා ස්වේන්ගේ ආරක්ෂාව ගැන එකපාරටම එච්චර හිතන්න අරන් තියෙන්නේ ඇයි කියන එක . හැබැයි , කොච්චර ඒ ගැන කල්පනා කලත් අදත් ධමීරට ඒකට හේතුවක් හිතාගන්නත් බැරි වුණා
YOU ARE READING
SR || Ongoing
Non-FictionThe Weekend said , '𝐖𝐞 𝐝𝐨𝐧'𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐥𝐨𝐯𝐞 , 𝐰𝐞 𝐣𝐮𝐬𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐜𝐚𝐫𝐬' . Huh ! Someone got both ᡣ𐭩 Start : 07/06/2024 End :