17

1.3K 229 237
                                    

දේවරාජ වලව්වේ තිබුණ දාන පිංකම ඉවර වෙල දවස් කීපයක්ම ගත වෙලා තිබුණත් ස්වේන් තාමත් හිටියේ ප්‍රශ්න ගොඩක් අස්සේ හිර වෙලා . ඒකට ප්‍රධානම හේතුව ධමීරගේ මාමා 'සමීර' වෙද්දි සමීරට ඇත්තටම මොකද වුණේ කියන ප්‍රශ්නෙන් පටන් අරන් ඒ තිබුණ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නේ කොහොමද කියන එක තාමත් එයාට තේරුම් ගන්න අමාරු වෙල තිබුණා

සිරියාගේ ඉදන් ශාරධා මැණිකේ වෙනකන් වලව්වේ ඉන්නේ කාගෙන් සමීර අලුවිහාරේ ගැන ඇහුවා වුණත් ඒ හැම ප්‍රශ්නෙකටම එයාලා උත්තර දුන්නේ කදුළු වලින් . ඉතින් වලව්වේ තත්වේ එහෙම වෙද්දි නාගහවටුන ගමේ ඉන්න අයගෙනුත් ස්වේන් කතා කරන්නේ හෙනම සීමිත පිරිසකට වෙද්දි මේ හැංගිලා තියෙන දේවල් හොයාගන්න එකම එයාට ලොකු අභියෝගයක් වුණා

අනික , එයාට ලංකාවේ ඉන්න පුළුවන් මාස හයෙන් මාස එකහාමාරක වගේ කාලෙකුත් ඒ වෙද්දි ගෙවිලා ගිහිනුයි තිබුණේ . ඒත් තාමත් ස්වේන් ගාව තිබුණෙ හරිම සීමිත තොරතුරු ටිකක් විතරයි . ඒ දේවල් එහෙම වෙද්දි නිතරම දැනෙන ඔලුවේ කැක්කුම , එයාගේ කැරියර් එක වගේ ගොඩක් හේතු නිසා ස්වේන් එන්න එන්නම ස්ට්‍රෙස් වුණා

ඒ නිසාම එයා හැමතිස්සෙම ට්‍රයි කළේ ඒ ස්ට්‍රෙස් එක කොහොමහරිම පිට කරගන්න . හැබැයි , ඒක ස්වේන්ට හරිම අමාරු දෙයක් වෙලයි තිබුණේ . අනික ධමීර වුණත් ගෙදර රැදුණේ හරිම අඩු කාලයක් නිසා එයාට නිතරම කතා බහා කරන්නවත් කෙනෙක් වලව්වේ හිටියේ නෑ

ඒ හේතුව නිසාම වලව්වේ තනියෙන් ඉන්න හැම වෙලාවකම ස්වේන් කරපු එකම දේ වුණේ අර චිත්‍රේ දිහා බලාගෙන කල්පනා කරන එක !

ස්වේන්ට ඒ චිත්‍රය ගැන විස්තර අනූ ටීචර් අහන්න ලොකුවටම ඕනකමක් තිබුණා . ඒත් , ඒ වගේ පෞද්ගලික දෙයක් ස්කෝලේ ඉන්න ටීචර් කෙනෙක් ගාවට ගිහින් අහන්න පුළුවන්කමක් එයාට තිබුණේ නෑ . මොකද , අනූ ටීචර් ඒ ප්‍රශ්න වලට කොහොම රියැක්ට් කරයිද කියන සාධාරණ බය ස්වේන්ට තිබුණා

ඒ දේවල් එහෙම වෙන අතරේ සතියේ දවස් පහක් හෙමින් සැරේ ගෙවිලා ගිහින් සුපුරුදු විදිහට සෙනසුරාදා දවසක් උදා වුණා . වෙනදට ස්කෝලේ යන්න කලින් ජොගින්' කරන්න යන පුරුද්ද නිසා ස්වේන් හැමදාම පහට විතර ඇහැරෙනවා . ඉතින් , අදත් ඒ නිසාම ස්වේන් උදෙන්ම ඇහැරුණත් අද ජොගින්' යන්න තරම් මූඩ් එකක් නම් එයාට තිබුණේ නෑ

SR || Ongoing Where stories live. Discover now