කෙනුල් & රඛිත් දෙන්නගෙයි ආකාශ් අයියගේ වාහන වලින් නාගහවටුන ගමේ පන්සලේ හාමුදුරුවරු දේවරාජ වලව්වට වැඩම කරද්දි ධමීරයි ස්වේනුයි දෙන්නා එකතු වෙලා උන්වහන්සේලාගේ පා ධෝවනය කළා . ඒත් එක්කම ඇවිත් හිටපු ගොඩක් අය සාලෙන් ඇවිත් වාඩි වෙද්දි ස්වේනුයි අනික් කට්ටියත් ඒ විදිහටම ඉස්සරහින්ම වාඩි වුණා
ලොකු හාමුදුරුවන්ට ආරාධනා කරලා බුදුරජාණන්වහන්සේට මල් පහන් පුජා කලාට පස්සේ ලොකු හාමුදුරුවෝ උන්වහන්සේගේ හරිම නිවිච්ච සන්සුන් කටහඩින් පන්සිල් දෙන්න පටන් ගත්තා . එතනින් පස්සේ උන්වහන්සේ ධර්ම දේශනා කරද්දි ඒ කිසිම දෙයක් ගැන කිසිම අදහසක් නොතිබුණ ස්වේන් ඒ මුලු කාලේ පුරාවටම උඩ බිම බල බල හිටියා
අන්න ඒ වෙලාවේ තමයි තමන්ට ඉස්සරහින්ම තියලා තිබුණ සුදු මල් මාලයක් දාලා තිබුණ ෆොටෝ එක ස්වේන් එකපාරටම දැක්කේ !
මීටකලින් ස්වේන් ඒ ෆොටෝ එක හරි , ඒකේ ඉන්න කෙනාව හරි දැකලා කොතිබුණත් ඒක දැක්ක ගමන්ම ස්වේන්ට දැනුණේ හරිම හුරුපුරුදු ගතියක් . ඉතින් , ඒකේ ඉන්න ධමීරගේ මාමා වෙන්න ඕනේ කියලා හිතපු ස්වේන් ඒ ෆොටෝ එක දිහා ටිකක් උනන්දුවෙන් වගේ බලන් ඉන්න ගත්තාඇත්තටම ඒක එතන තියලා තියෙන බව වුණත් ස්වේන් දැක්කේ දැන් !
" .......මීට වසර විසි හතකට ඉහතදී අප අතරින් සමු ගත් සමීර සංකල්ප අලුවිහාරේ තරුණ මහත්මාගේ වාර්ෂික ගුණ සමරු පිංකම....."
ඒ අතරේ ස්වේන්ට එකපාරටම හාමුදුරුවෝ කියපුවා ඔක්කොම හීනෙන් වගේ ඇහෙද්දි එයා ඇසිපිය ගහන්නේ නැතුව දිගින් දිගටම අර ෆොටෝ එක දිහා බලන් හිටියා
ඇත්තටම කිව්වොත් මීට කලින් ස්වේන් ඒ 'සමීර' කියන නමවත් අඩු තරමේ අහලා තිබුණේ නෑ
ඒත් ඒ හැමදේකින්ම එයාට දැනෙන හුරුපුරුදු හැගීම මොකක්ද කියලා ස්වේන්ට හිතාගන්න බැරි වෙද්දි එකපාරටම එයාගේ ඔලුවේ කැක්කුම ස්වේන්ව හොයාගෙන ආවා . සුපුරුදු විදිහට එන්න එන්නම පේන් එක වැඩි වෙනවා මිසක් අඩු වීමක් නොවෙද්දි ස්වේන් ඒ දේවල් ඉවසන් හිටියේ පුදුම තරම් අමාරුවකින්
YOU ARE READING
SR || Ongoing
Non-FictionThe Weekend said , '𝐖𝐞 𝐝𝐨𝐧'𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐥𝐨𝐯𝐞 , 𝐰𝐞 𝐣𝐮𝐬𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐜𝐚𝐫𝐬' . Huh ! Someone got both ᡣ𐭩 Start : 07/06/2024 End :