21

1.3K 238 103
                                    

එදත් වෙනදා වගේම හරිම සාමාන්‍ය දවසක් වෙද්දි ධමීර සුපුරුදු විදිහටම එයා ඉගැන්වීම් කටයුතු කරන විශ්වවිද්‍යාලයට ගියා . ඒ වගේම ස්වේනුත් ඒ දවස් වල ස්කෝලේ ස්පෝර්ට්ස් මීට් එක නිසා ගොඩක් බිසී වෙලයි හිටියේ . නාගහවටුන ගමේ ස්කෝලේ පොඩි එකක් වුණාට වාර්ෂිකව පැවැත්වෙන ක්‍රීඩා උත්සවය නම් එයාලා හරිම ඉහළින් සංවිධානය කළා

ස්වේන්ටත් ඒ අත්දැකීම ගොඩක් අලුත් එකක් වෙද්දි එයත් ඒ ක්‍රීඩා උත්සවය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා . එක අතකට ඒ විදිහට කාර්‍යබහුල වෙද්දි ධමීරව එයාගේ මතකෙන් ඈතට තල්ලු වෙලා ගිය එකත් එක අතකට ස්වේන්ට ලොකු සහනයක් වුණා

ඒ විදිහට හැමදෙයක්ම කිසිම ප්‍රශ්නයක් නැතුව හරිම සාමාන්‍ය විදිහට ගත වුණේ දවස් කීපයක් යනකන් විතරයි !

එදා , ධමීර හිටියේ එයා කැමතිම මාතෘකාවක් වෙච්ච ශිෂ්ටාචාර ගැන ෆස්ට් ඉයර් ළමයින්ට උගන්නන ගමන් . ඒත් එකපාරටම එයාට අනූ ටීචර්ගෙන් කෝල් එකක් ආවෙත් , ධමීර ඒකට 'මොකක් ? මන් යන්නම්' කියලා උත්තර දුන්නෙත් , ළමයින්ට ඉක්මනටම අසයිමන්ට් එකක් දීලා කැම්පස් එකෙන් එළියට ආවෙත් හරිම අඩු කාලයක් ඇතුලත

කොහොමින් කොහොම හරි ධමීර අන්තිමට ගිහින් නතර වුණේ 'විලතැන්න මහ රෝහල' කියලා ලොකුවට බෝඩ් එකක් ගහලා තිබුණ තැනක . පුළුවන් තරම් ඉක්මනටම කාර් එක පාර්ක් කරපු ධමීර කලබලෙන් වගේ ඒ හොස්පිට්ල් එකේම වැඩ කරන කෙනුල්ව හොයාගෙන ගියා

ධමීර එන මග දිගට කෝල් කර කර පිස්සු නටපු නිසාම කෙනුලුත් එයා එනකන් වෝඩ් එක ඉස්සරහට වෙලා බලාගෙනයි හිටියේ . හැමතිස්සෙම වගේ හරිම පිළිවෙළට ඉන්න ධමීර දැන් කමිසේ උඩ බොත්තමුත් ඇරගෙන කොන්ඩෙත් අවුල් කරන් ඉන්න විදිහ දැකපු කෙනුල්ගේ මූනට පොඩි හිනාවක් ආවත් ඒ හිනාව හංගගත්ත කෙනුල් ධමීරත් එක්කම එයාලගේ රෙස්ට් රූම් එකට යන්න ගියා

" මන් කිව්වා උඹට කලබලේට දුවන් එන්නෙපා කියලා , ලොකු දෙයක් වෙලා නෑ . ස්කෝලේ මිනිස්සු පොඩ්ඩක් කලබල වෙලා , එච්චරයි "

" මොකක්ද ඕයි වෙලා තියෙන්නේ ? "

" අර ඇතුලේ ඉන්නේ . උඹම ගිහින් සුව දුක් අහලා බලපන් "

SR || Ongoing Where stories live. Discover now